මාලිංගට සනත්ගෙන් සහ තිලංගගෙන් කැපිල්ලක්

25185
0

මාස 10ක පමන දිගු නිහඩතාවයකින් පසු ශ්‍රී ලංකා කන්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද යලි සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කලා.

ඒ කොලඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

පාදයේ මතුව තිබූ ආබාධ තත්වයක් නිසා වෙනුයි මාලිංග මෙපමන කලක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටියේ. කෙසේ නමුත් මේ වනවිට තමන්ගේ පාදයේ ආබාධය සම්පුර්ණයෙනම සුවවී ඇති බව මාලිංග පවසනවා. ඔහු ඒ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් දැනුවත් කලත් මේ වනතුරුත් මාලිංගට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ.

එය අද දිනයේදී සනාථ වුනේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන T20 තරගාවලිය සදහා ඔහුගේ නම ඇතුලත් ව නොතිබීමෙනුයි.

අද දිනයේදී ලසිත් මාලිංග කිසිදු අපහසු තාවයකින් තොරව පන්දු යවා තිබෙනවා. ටී.එම්.ඩිල්ශාන්ගේ අවසන් T20 තරග දෙක සදහා තමන් ඉතා හොදින් සූදානම් බව ලසිත් මාලිංග වත්මන් තේරීම් කමිටු සභාපතිවරයාට,ක්‍රිකට් ආයතන ප්‍රධානියාට මෙන්ම ඇන්ජෙලෝ මැතිව්ස්ටද අවස්තා කිහිපයකදීම දන්වා තිබෙනවා.
එවැනි තත්වයක් තුල මාලිංග ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන T20 තරගාවලිය සදහා තෝරා නොගැනීම පසුපස කුමන්ත්‍රණයක් පවතින බවයි වාර්තා වන්නේ.

මෙතරම් ඉක්මනින් මාලිංග සිය පුහුණුවීම් අරබා ඇත්තේද ඩිල්ශාන්ගේ අවසන් T20 තරග දෙක ක්‍රීඩා කිරීමේ අරමුණ ඇතිවයි.

ලසිත් මාලිංග ප්‍රචලිතව සිටින්නේ ඕනෑම අයෙකුට සිය අදහස් නොබියව ප්‍රකාශ කරන්නෙකු ලෙසයි. පසුගිය කාලයේ ඔහු නිරන්තර චෝදනාවන්ට ලක්වුනේ මේ ඍජු අදහස් ප්‍රකාශ කිරිමේ ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ වුවත් වත්මන් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරියට සහ ක්‍රිකට් කමිටු සභාපති තිලංග සුමතිපාලට එය දිරවන්නෙ නැති බව මේ වනවිට තහවරු වී තිබෙනවා.

මාලිංග ප්‍රසිද්ධියේම වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විවේචනය කිරීම ඊට හේතුවයි. කෙසේ නමුත් තමාට පෙර රට ගැන සිතනා මාලිංග වැනි ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලකයින් දරන්නෙ මෙවන් පිලිවෙලක් නම් එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මලගම සිදුවන දිනය ඉකමන් කරන කාරනාවක් වනු නොඅනුමානයි.

Comments

comments

SHARE