ඩිල්ශාන් අයියා වෙනුවෙන් කකුල කඩාගෙන හරි ගහන්න මං කැමතියි – ලසිත් මාලිංග

7085
0

ටි.එම්.ඩිල්ශාන් සහභාගී වන අවසන් එක්දින තරග දෙක සදහා ක්‍රීඩා කිරීමට තමන් ගතින් මෙන්ම සිතින්ද සවිමත් බව ශ්‍රී ලංකා කන්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

මාලිංග මේ බව පැවසුවේ මාස 9කට පමණ පසුව අද යලි සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කරමින්.

පාදයේ මතුව තිබු අබාධයක් නිසා මාලිංග පසුගිය කාලයේදී ක්‍රීඩාවේ නිරත වුනේ නැහැ.

කොහොම නමුත් දැන් තමාගේ පාදයේ අබාධය සම්පුර්ණයෙන්ම සුවවී ඇති බවය මාලිංග පවසනවා.

තමා ටී.එම්.ඩිල්ශාන්ට ගරු කරන බවත් එම නිසා තමාට අවස්තාව ලබා දුනහොත් කකුල කඩාගෙන හරි ඔහු වෙනුවෙන් තරග කර ඔස්ට්‍රේලියානුවන් පරාජය කරන බවයි  ලසිත් මාලිංග පවසන්නේ.

මුරලිදරන් සමුගන්නා විට එම තරගයට ක්‍රීඩා කිරීමට හැකිදැයි මුරලි තමාගෙන් විමසා සිටි බවත් ඒ වනවිට තමා ටෙස්ට් තරග ක්‍රීඩා නොකර වසර දෙකක පමණ කාලයක් ගෙවී තිබුනත්   මුරලිදරන්ගේ ඉල්ලීමට ගරු කරමින් එම තරගයට ක්‍රීඩා කර එම තරගය ජයග්‍රාහීව අවසන් කරගන්නට තමා දායකත්වය ලබාදුන් බවත් මාලිංග පවසනවා.

එමෙන්ම සංගක්කාරට සහ මහේලට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ජයග්‍රාහීව සමුගැනීමට හැකි වූයේ තමාගේ දායකත්වය නිසා බවයි  මාලිංග පවසන්නේ.

එවන් තත්ත්වයක් තුල තමා වැඩියෙන්ම ආදරය කරන වැඩියෙන්ම ගරු කරන ටී.එම්.ඩිල්ශාන්ගේ සමු ගැනීම සදහා දායකත්වය ලබා දෙන්නට ඕනෑම මොහොතක සූදානම් බවයි ලසිත් මාලිංග පවසන්නේ.

ඊට පාදයේ අබාදය කිසිසේත්ම ගැටලුවක් නොවන බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත් srilankasports අපි මීට පෙරද අනාවරණය කලේ ලසිත් මාලිංග මෙසේ සිතුවත් ඔහු සහ ක්‍රිකට් පරිපාලනය අතර පවතින අර්බුදය මාලිංගගේ ක්‍රිකට් පිටියට අවතීර්ණ වීම තව තවත් ප්‍රමාද කරන බවයි.

Comments

comments

SHARE