ඇන්ජෙලෝ මැතිව්ස්ට සති 6ක් ක්‍රිකට් තහනම්

2344
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට සති 4 – 6ත් අතර කාලයක් දක්වා කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙනවා.

ඒ ඔහුගේ පාදයේ ආබාධය නිරීක්ෂණය කල වෛද්‍යවරුන් විසින්.

ඔස්ට්‍රේලියාව සමග දඹුල්ලේ පැවති සිව්වන එක්දින තරගයේදී මැතිව්ස්ගේ පාදය ආබාධයකට ලක් වුනා.

පසුව ඔහුගේ පාදය එම්.ආර්.අයි.පරීක්‍ෂණයකට ලක් කරන්නට පියවර ගත්තා.

එහි ප්‍රතිඵල වලට අනුවයි මැතිව්ස්ට මෙසේ මසක පමන කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

ඒ අනුව ලබන මස අගදී ආරම්භ වන ශ්‍රී ලංකා කන්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයද මැතිව්ස්ට අහිමි වීමේ අවදානමක් පවතිනවා.

Comments

comments

SHARE