ශ්‍රී ලංකාවේ බී.එම්.එස්. පලමු ජය ලබයි

393
0

නොදැවී අර්ධ ශතකයක් රැස් කළ ශ්‍රී ලංකා බී.එම්.එස්. කණ්ඩායමේ ශෙහාන් ජයසූරිය ජගත් විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය පූනේ එම්.එම්.එම්.සී. පිලට එරෙහිව කඩුලු 7ක ජයක් සිය කණ්ඩායමට හිමිකර දීමට සමත්විය.

එන්.සී.සී.පිටියේ පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් පූනේ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම පන්දුවාර  20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බී.එම්.එස්. පිල පන්දුවාර  16.3කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය. සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගිය ශෙහාන් ජයසූරිය නොදැවී ලකුණු 56ක් රැස් කළ අතර ඔහුට අනගි සහ‍යෝගයක් ලබාදුන් ජනිත් ලියනගේ නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 28කි. වේගවත් පිතිහරඹයක නිරතවූ ශෙහාන් සිය ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහරක් එක් කළ අතර මුහුණ දුන්නේ පන්දු 30කට පමණි.

දෙදෙනා අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 88ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගිණි.

පූනේ විශ්ව විද්‍යාලයිය කන්ඩායම  – 169/8 (ඕවර 20) ඔම්කාර් ක්හප්ටේ 46, අටුල් විට්කාර් 34, සෞරාබ් සන්ක්ලේචා 27 ( ගේෂාන් විමලධර්ම 30/3)

බී.එම්.එස්. කන්ඩායම – 174/3(ඕවර 16.3) ශෙහාන් ජයසූරිය නොදැවී 56, ජනිත් ලියනගේ නොදැවී 28, ගේෂාන් විමලධර්ම 28, නිරෝෂන් දික්වැල්ල 24 (යශ් නහර් 25/2)

Comments

comments

SHARE