ශ්‍රී ලංකා බී.එම්.එස්.දෙවන ජයත් ලබයි

198
0

ජගත්  විශ්ව විද්‍යාල ලෝක කුසලාන T20 ක්‍රිකට්  තරගාවලියේදී ඩුබායි හෙරියට් වොට් විශ්වවිද්‍යාල පිලට එරෙහිව ලකුණු 101 ක ජයක් ලබාගැනීමට ශ්‍රි ලංකා බී.එම්.එස්. විශ්ව විද්‍යාල පිල සමත්විය. මෙම තරගය එස්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. පැවැති තරග දෙකම ජයගත් ශ්‍රි ලංකා බී.එම්.එස්. විශ්ව විද්‍යාල පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වී ඇත.

ලකුණු 217 ක ඉලක්කයක් හඹාගිය ඩුබායි හෙරියට් වොට් විශ්වවිද්‍යාල පිලට පන්දුවාර  20 අවසානයේදී  කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 115 ක් පමණී.

චිරාග් සූරී පන්දු 43 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50 ක් ලබාගත් අතර ඩෙවින් පත්මනාදන් සහ කොෂාන් ජයවික්‍රම කඩුලු තුන බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා බී.එම්.එස්. විශ්ව විද්‍යාල පිල පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 216 ක් රැස්කිරීමට සමත්විය.

වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ශෙහාන් ජයසූරිය පන්දු 42 කදී හතරේ පහර නවයක් සහ හයේ පහර හතක් සමගින් ලකුණු 101 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ජනිත් ලියනගේ සමගින් එක්ව සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 71 ක සම්බන්ධතාවයක් පැවැත්වීමටද සමත්විය.

ශ්‍රි ලංකා බී.එම්.එස්. විශ්ව විද්‍යාලය – පන්දුවාර  20 කදී කඩුලු 7 ක් දැවී ලකුණ 216
(ගේෂාන් විමලධර්ම 30, ශෙහාන් ජයසූරිය 101, ජනිත් ලියනගේ 29, මොහොසින් ඛාන් 38/2, රොනක් කන්ඩෙල්වල් 38/2, මුකීට් බට් 41/2)

ඩුබායි හෙරියට් වොට් විශ්ව විද්‍යාලය – පන්දුවාර  20 කදී කඩුලු 9 ක් දැවී ලකුණ 115
(චිරාග් සූරී 50, ඩෙවින් පත්මනාදන් 8/3, කොෂාන් ජයවික්‍රම 15/3, භාණුක රාජපක්ෂ 20/2)

Comments

comments

SHARE