මැක්ස්වෙල්ගේ සුපිරි ඉනිමෙන් අපි අසරණ වුණා – කපුගෙදර

5014
0

ශ්‍රී ලංකාව සතුව තිබූ වාර්තාවක්ද බිඳ දමමින් පළමු T – 20 තරගය ජයගන්නට ඔස්ට්‍රේලියාව සමත් වුනා. ඒ තරග පරාජයෙන් පසු තරගය ගැන මාධ්‍යට කරුණු කියන්නට පැමිණියේ චාමර කපුගෙදරයි.

ටෙස්ට් තරග තුනේ සහ එක්දින තරග 5 න් 4ක මෙන්ම මෙම තරගයේද කාසියේ වාසිය හිමිවුණේ ශ්‍රී ලංකාවටයි. කෙසේවෙතත් පළමු වතාවට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා ලැබුනේ මෙම තරගයෙදීයි. ශ්‍රී ලංකාවට පාරා වළල්ලක් වූ අදාළ තීරණය පිලිබඳ කපුගෙදර පැවසුවේ තරගයේ සියලු ගෞරව ඔස්ට්‍රේලියාව වෙත හිමිවීමේ ප්‍රධාන සාධකය මැක්ස්වෙල්ගේ සුපිරි ඉනිම බවයි. ලකුණු 263ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේදී පිතිකරුවන් අසාර්ථක වීම සාමාන්‍ය සිදුවීමක් බවත් ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වූ මැක්ස්වෙල් පළමු වරට හිමිවූ ආරම්භක පිතිකරණ ස්ථානයෙන් උපරිම ප්‍රයෝජන ගනිද්දී එවන් ස්ථානයක් තමන්ට නොලැබීම පිලිබඳ කපුගෙදර දරන්නේ මෙවන් අදහසක්.

Comments

comments

SHARE