සචිත්‍රට දඩ ගසයි

754
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකට දඩ මුදලක්‌ පනවන්නට ජගත් ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමග පලමු T20 තරගයේදී අයි.සී.සී.ක්‍රීඩක ආචාර ධර්ම පද්ධතීන් උල්ලංඝණය කිරීමේ වරද නිසයි ඔහුට මෙසේ දඩ මුදලක් පනවන්නට අයි.සී.සී.ය තීරනය කර ඇත්තේ.

එම තරගයේදී ඩේවිඩ් වෝනර් දවා ගැනීමෙන් අනතුරුව සචිත්‍ර ඔහුට පරුෂ වචනයෙන් බැන වැදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තරගයෙන් අනතුරුව විනිසුරුවරුන් තරග තීරක ජවගල් ශ්‍රීනාත්ට පැමිණිලි කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සොයා බැලූ තරග තීරකවරයා පසුව තීරණය කලේ සචිත්‍රට සිය තරග ගාස්තුවෙන් 30’/. ක දඩ මුදලක්‌ පනවන්නටයි.

Comments

comments

SHARE