ශතකයක් දුර බලා දශකයක වැඩ කෙරූ වසරක් ගෙවී ගිය වගයි

220
0

“ක්‍රීඩා පිටි සකස් කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්ය භාර්ය මිස අයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය භාරයක් නොවේ. මට මොන විවේචන ආවත් නිිවැරදි දේ කරන්න මම පසුබට වෙන්නේ නෑ” යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ප්‍රමුඛ නව රජයට වසරක් සපිරීම නිමිත්තෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ වසරක ප්‍රගතිය හා ඉදිරි දැක්ම පිළිබඳ සමාලෝචන වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැති උත්සවයේ දීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

වසර ගණනාවක් අපේ රටට කීර්තිය ගෙන දුන් ඔලිම්පික් පදක්කම්ලාභී ඒ වගේම ඔලිම්පික් පදක්කම්වල ජයග්‍රහණ ලබා ගැනීම ආරම්භ කළ ඩන්කන් වයිට් මැතිතුමාගේ පිළිරුවක් නිරාවරණය කිරීමට ලැබීම සහ ඔහු නමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරය නම් කිරීමට ලැබීම පිළිබඳව මම බෙහෙවින් සතුටට පත් වෙනවා.

ඔහු පමණක් නොවේ ඉන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත රටට ඔලිම්පික් පදක්කමක් දිනා දුන් සුසන්තිකා ජයසිංහ මහත්මියව ක්‍රීඩා උපදේශකවරියක් ලෙස අපි පත් කර තිබෙනවා. ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට රටට සේවයක් ලබා ගැනීමට හැකි වීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වෙනවා.

මීට වසරකට පෙර අතිගරු ජනාධිපතිතුමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මා පත් කිරීමෙන් පසු  අලුත් අත්දැකීම් තුළ විශාල වැඩපිළිවෙලවල් රාශියක් ක්‍රියාත්මක කරන්නට අපට සිදු වුණා.

ඇතැමෙක් විවේචනය කළත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ පළමු වගකීම වෙන්නේ ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් ටික සකස් කර දීම. ඒ අනුව ක්‍රීඩා පිටි සකස් කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්ය මිස අයුර්වේද වෛද්‍ය දෙපාර්තමෙන්තුවේ කාර්යයක් නොවේ.

ඒ නිසා පළමු වෙනි කරුණ වන්නේ පහසුකම් සහිත ක්‍රීඩාංගණ සකස් කිරීම. ඒ අනුව පසුගිය කාලේ ආරම්භ කළ ක්‍රියාවලිය අපි දිගින් දිගටම ඉදිරියට ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට වැඩ පිළිවෙළ සකස් කිරීම  සිදු කළා.

ඒ අනුව මාතර,මඩකලපුව සහ පොළොන්නරු යන ක්‍රීඩා සංකීර්ණ ජනතා අයිතියට පත් කිරීම සිදු කලා.

මේ වන විට කෑගල්ල,මාතලේ,ගාල්ල සහ වව්නියා යන දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයන් හි වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මධ්‍යම,උතුර,නැගෙනහිර සහ සබරගමු යන ක්‍රීඩා සංකීර්ණවලත් එ් වගේම අම්පාර පුත්තලම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණවලත් වැඩකටයුතු අඛණ්ඩව සිදු වෙනවා.

පළාත් මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම පුහුණු වීම් කටයුතු කර ගැනීමට අපහසු තත්ත්වයකට පත් වී තිබෙන මෙම අවස්ථාවේ දී මේ ක්‍රියාදාමය අවසන් වූ පසු සෑම දිස්ත්‍රික්කයකටම එක් ක්‍රීඩාංගණයක්,දැනුමෙන් පෝෂණය වු පුහුණුකරුවන් සහ ක්‍රීඩා වෛද්‍ය ඒකකයක් යන සියලු පහසුකම් වලින් ශක්තිමත් වු ක්‍රීඩාංගණ නිර්මාණය කිරීමට අප අපේක්ෂා කරනවා. ඒ අනුව ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ශක‍්තිමත් වැඩපිළිවෙලක් සිදු කරමින් පවතිනවා.

මීට අමතරව පිහිනුම් තටාක, ගෘහස්ථ ක්‍රීඩාංගණ සහ මීටර් 400 දීවිමට හැකි ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම තුළින් ක්‍රීඩාව ඉතා දියුණු මට්ටමට ගෙන එන්න කටයුතු කරමින් පවතිනවා. මේ වන විට ජනතා අයිතියට පත් කර තිබෙන ඉන්දියාවේ ආධාර මත නවීකරණය වූ දොරේ අප්පා ක්‍රීඩාංගණය එහි සුවිශේෂ අවස්ථාවක් ලෙස දැක් වීමට හැකිය.

අතිගරු ජනාධිපතිතුමගේ නායකත්වයෙන් ආරම්භ කළ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය සහ විශේෂ දිනයක් නම් කිරීම සිදු වුණා සියළුම පළාත් දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා රජ්‍ය හා පෞද්ගලික ආයතන ආවරණය වන පරිදි ශරීර සුවතා වැඩසටහන් මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතිනවා.

පදක්කම් වලට පමණක් සීමා නොවී රටේ සියලුම ජනතාව තුළ ට  ක්‍රීඩාව ජනගත කිරීම අරමුණු කර ගනීමින් ඔක්තෝම්බර් 08 ව දින ශ්‍රී ලංකාවේ සිටින වැඩිහිටියන් එකතු කර ගත්ත ඔවුන්ගේ ක්‍රියාකාරීත්ව වැඩි දියුණු කිරීම උදෙසා ශරීර සුවතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පුහුණු සංචිත පිහිටුවීම හා අවශ්‍ය සියළු පහසුකම් සැලසීම මඟින් රන් පදක්කම් 24ක් ද රිදී පදක්කම් 46 ක් සහ ලෝකඩ පදක්කම් 63ක් ඇතුළු මුළු පදක්කම් 186 ක් දිනා ගෙන ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගත් අතර  ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අනුශූරයන් බවට පත් කිරීමට හැකි වුණා.

නව සංකල්පයක් ලෙස වැඩිහිටි තරුණ සියළු දෙනාට අවශ්‍ය ශාරීරික සුවය සඳහා ශරීර සුවතා මංතීරු අඩු වියදමකින් ඉඳිකිරීම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ආරම්භ කර තිබෙනවා.

විදේශ ආධාර මත ප්‍රථම වරට නුවර එළිය දිස්ත්‍රික්කය තුළ ඉහළ උන්නතාංශ ක්‍රීඩාංගණය ඉඳිකිරීමට අවශ්‍ය කටයුතු 2016 වසර අග සිට ආරම්භ කිරීමටත් ඒ සඳහා මුල් ගල තැබීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම ක්‍රීඩාංගණය ආසියාවේ දෙවන ස්ථානයට ඉඳි වන ක්‍රීඩංගණය ලෙස දක්වන්න පුළුවන්. නුවරඑළියේ පවතින සීත දේශගුණයත් සමඟ දේශිය මෙන් ම විදේශිය ක්‍රීඩකයන්ට ද මේ තුළින් ප්‍රයෝජන ගැනීමට හැකි වන බවයි අපගේ විශ්වාසය.

dsc_0766 _________-___-________-___________ ________-_______-______-_____-_____-________-_______-__-________-______-______-___-_____ ________-_______-______-_____-_____-________-______-__-_______-_____-______-________ ______-_____-________-_________-_______ _____-_______-_______-_____________-_____-______-____________-___________ _____-_______-_______-_____-______________-_____________-_____-______-_________ _____-_______-_______-_____-______________-_____________-_____-______-_________ _____-_______-_______-_____-______________-_____________-_____-______-_________ _____-_______-______-__________-______-__-___________-68-__-_____-______-________ ___-25-_-____-________-__-_____-_______-_________-34-__-____-________-________ __-_____-____-____-________-___________

Comments

comments

SHARE