බී.එම්.එස්. කණ්ඩායමට කඩුලු 5ක පරාජයක්

290
0

ජගත් විශ්වවිද්‍යාලයීය T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී ශ්‍රී ලංකාවේ බී.එම්.එස්. විශ්ව විද්‍යාල පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් ලබාගැනීමට පාකිස්තාන මධ්‍යම පන්ජාබ් විශ්ව විද්‍යාල පිල සමත්විය.

මෙම තරගය එස්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ලකුණු 171 ක ඉලකක්යක් හඹාගිය පාකිස්තාන මධ්‍යම පන්ජාබ් විශ්ව විද්‍යාලය පන්දුවාර 18යි පන්දු 5 කදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත්විය.
ජුනයිඞ් අලී පන්දු 43 කදී හතරේ පහර හතක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 69 ක් සහ මොහොමඞ් මොහ්සින් පන්දු 41 කදී හතරේ පහර පහක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සිව්වන කඩුල්ල සදහා ලකුණු 92 සම්බන්ධතාවයක්ද පැවැත්වීමට සමත්වූහ.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා බී.එම්.එස්. විශ්ව විද්‍යාලය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 170 ක් රැස්කිරීමට සමත්විය.
තරගාවලියපුරා තුන්ඉරියව් දස්කම්පෑ ශෙහාන් ජයසූරිය පන්දු 37 කදී හතරේ පහර පහක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 53 ක් රැස්කල අතර සිව්වැනි කඩුල්ල සදහා ජනිත් ලියනගේ සමගින් එක්ව ලකුණු 76 ක සම්බන්ධතාවයක්ද පැවැත්වීමට සමත්විය.

හයිඩර් අලී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.
ශ්‍රි ලංකා බී.එම්.එස්. විශ්ව විද්‍යාල පිල මෙම තරගයෙන් පරාජය වුවද අර්ධ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.
අර්ධ අවසන් තරග ලබන 10 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රි ලංකා බී.එම්.එස්. විශ්ව විද්‍යාලය – පන්දුවාර  20 කදී කඩුලු 9 ක් දැවී ලකුණ 170
(ශෙහාන් ජයසූරිය 53, ජනිත් ලියනගේ 26, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 23, හයිඩර් අලී 34/4, අෆ්ටාබ් අස්වීර් 39/2)

පාකිස්තාන මධ්‍යම පන්ජාබ් විශ්ව විද්‍යාලය – පන්දුවාර 18.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණ 171
(ජුනයිඞ් අලී 69, මොහොමඞ් මොහ්සින් නොදැවී 54, ශොහන් ජයසූරිය 31/2)

Comments

comments

SHARE