පළමු T 20 තරගයේ ජය පාකිස්තානයට

540
0

එංගලන්තය සමග පැවති පළමු  T 20 තරගය කඩුලු 9කින් ජයගන්නට පාකිස්තානු කණ්ඩායම සමත්වුනා.

මැන්චෙස්ටර් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20තුල කඩුලු 7ක් දැවී ලකුණු 135ක් ලබා ගත්තා.

ඇලෙක්ස් හේල්ස් ලකුණු 37යි.

පන්දු යැවීමේදී වහාබ් රියාස් කඩුලු 3ක් බිද හෙලුවා.

ඊට අමතරව ඉමාඩ් වසීම් සහ හසන් අලී කඩුලු 2ක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තානය පන්දුවාර 14යි පන්දු 5ක් අවසානයේ කඩුලු එකක් දැවී ලකුණු 139ක් ලබාගෙන මෙම තරගය ජය ගත්තා.

සාර්ජීල් ඛාන් ලකුණු 59ක් රැස්කළේ පන්දු 36කට පමණක් මුහුණ දෙමින්.

ඒ සදහා හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ඇතුලත්වුනා.

ඊට අමතරව කලීඩ් ලතිෆ් නොදැවී ලකුණු 59ක් රැස් කළා.

ඒ හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින්.

තරගයේ වීරයා වහාබ් රියාස්.

10 09 08 07 06 05 04 01 03

Comments

comments

SHARE