මෙරටට ජාත්‍යන්තර ක්‍රීඩා තහනමක් පැනවීමේ අවදානමක් – දයාසිරි ජයසේකර

354
0

“ශතකයක් දුර බලා දශකයක වැඩ කෙරූ වසරක්” යන තේමාව යටතේ ක්‍රීඩා අමාත්‍යාංශ වසරක ප්‍රගති සමාලෝචනය ඊයේ පැවැත්වුනා ක්‍රීඩා අමාත්‍යංශයේදී.

එම අවස්ථාවේ සභාව ඇමතු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පසුගිය වසරක කාලය තුල මුලිකත්වය ගත්තේ ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට බවයි.

ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් ආරම්භකළ ශරීර සුවතා වැඩසටහන පසුගිය වසරේදී රටපුරා ක්‍රියාත්මක කල බවත් එහි තවත් පියවරක් ලෙස වැඩිහිටි ජනතාව ක්‍රීඩාවට නැඹුරු කිරීමේ නව වැඩසටහන ලබන ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

පසුගිය වසරේ මෙරට ක්‍රීඩාවේ ප්‍රගතිය පිලිබදව කතා කිරීමේදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා අමතක කල නොහැකි බවයි දයාසිරි ජයසේකර මහතා පවසන්නේ.

මෙතුවක් කල් අඩුවක්ව පැවති ඉහල උන්නතාංශ ක්‍රීඩාංගනයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම කෙරෙහි ද ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

 

ක්‍රීඩා අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිලිබදව කතා කල ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ඉදිරි වසර 8තුල ඔලිම්පික් පදක්කමක් දිනාගැනීම සදහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල ලබන ඔක්තෝම්බර් මසදී ආරම්භ කරන බවයි.

දිනෙන් දින ආපස්සට යන කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් මාසයට පෙර සම්පුර්ණයෙන් අවසන් කරන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා ඇකඩමියක් ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතිබවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

 

ඉදරි වසරේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන විශේෂ වැඩ සටහනක් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අනාවරණ කළා. වසර 10ක් පුරා නොවිසිදී පවතින ජාතික ඔලිම්පික් කමිටු සහ ක්‍රීඩා අමාත්‍යංශ මත ගැටුම විසදීමට අවශ්‍ය කරන මුලික අඩිතාලම මේ වනවිට දමා අවසන් බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

 

Comments

comments

SHARE