සනත් රටින් යයි

10605
0

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය රටින් පිටව ගොස් තිබෙනවා.

ටී.එම්.ඩිල්ශාන්ගේ අවසන් ජාත්‍යන්තර තරගයට පෙර සනත් රටින් පිටවයෑමේ සූදානමක් පවතින බවට Sri Lanka Sports අප පලමු වරට හෙලි කලේ මීට දින කිහිපයකට පෙරයි.

එහිදී අප පෙන්වා දුන්නේ සිය අවසන් ජාත්‍යන්තර තරගයෙන් අනතුරුව ඩිල්ශාන් මාධ්‍යයට මතභේදාත්මක ප්‍රකාශයක් කරනු ඇති බවට සනත් ජයසුරිය තුල පැවති සැකයයි.

ඩිල්ශාන්ගේ සමුගැනීම පසුපස සිටින ප්‍රබලතම හස්තය සනත් බව අප මීට පෙරද පවසා සිටියා.

යම් හෙයකින් ඩිල්ශාන් එවැනි මත භේදාත්මක ප්‍රකාශයක් කලහොත් එයට මුහුන දීමට නොහැකි නිසා තේරීම් කමිටු සභාපතිවරයා මෙසේ රටින් පිටව ගොස් ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මේ අතර හෙට තරගයට ශ්‍රී ලංකා කන්ඩායම නම් කිරීමේ වගකීම රොමේෂ් කලුවිතාරන ඇතුලු තේරීම් කමිටු සාමාජිකයන්ට පවරන්නටත් සනත් පියවර ගෙන තිබෙනවා.

Comments

comments

SHARE