වෙනස්කම් කිහිපයක් සමගින් ශ්‍රී ලංකාව අද තරග බිමට

2451
0

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අවසන් කරමින් දෙරට අතර අද අවසන් තරගය පැවැත්වෙනවා.

T 20 තරගයක් වන මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

දෙරට අතර පළමු T 20 තරගය ලකුණු 85කින් ජයගන්නට ඔස්ට්‍රේලියාව සමත්වුනා.

මේ නිසා අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වන්නේ අවම වශයෙන් තරගාවලිය ජය පරාජයෙන් තොරව හෝ අවසන් කරගැනීමටයි.

එමෙන්ම මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටී. එම්. ඩිල්ශාන්ගේ අවසන් ජාත්‍යන්තර තරගයද මෙයයි.

මේ නිසා අද තරගය ජයගෙන ඩිල්ෂාන්ට ජයග්‍රාහී සමුදීමක් ලබා දීමද ශ්‍රී ලංකා කණ්ඩායමේ යුතුකමක් වනවා.

කෙසේ නමුත් දෙවන T 20 තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදුකර තිබෙනවා.

කසුන් රාජිත වෙනුවට දසුන් ශානක කණ්ඩායමට කැදවා ඇති අතර සචිත්‍ර සේනානායකගේ ස්ථානය මිලින්ද සිරිවර්ධනට හිමිව තිබෙනවා.

මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම T 20 තරග 15කට ක්‍රීඩා කර ඇති අතර ඔවුන් ඉන් ජයගෙන ඇත්තේ තරග 3ක් පමණයි.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම – ටී.එම්.දිල්ශාන්, කුසල් ජනිත්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, චාමර කපුගෙදර, සචිත් පතිරණ, මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල්, දසුන් ශානක.

Comments

comments

SHARE