ඔස්ට්‍රේලියාව යලි ජය ගනී

145
0
Australia's players pose after winning the final T20 international cricket match between Sri Lanka and Australia at the R. Premadasa Cricket Stadium in Colombo on September 9, 2016. / AFP / ISHARA S.KODIKARA (Photo credit should read ISHARA S.KODIKARA/AFP/Getty Images)

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේ­ලි­යාව අතර දෙවැනි විස්සයි20 තර­ග­යෙන් ඔස්ට්‍රේ­ලි­යා­වට කඩුලු 4ක ජයක් අත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේ­ලි­යාව අතර පැවැති විස්සයි20 තර­ගා­ව­ලියේ ජය 2-0ක් ලෙස ඔස්ට්‍රේ­ලි­යාව දිනා ගත්තේය. මේ තරග සංචා­ර­යේදී ටෙස්ට් තර­ගා­ව­ලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය වාර්තා කළ අතර එක්දින තර­ගා­ව­ලිය තරග 4-1ක් ලෙස ඔස්ට්‍රේ­ලි­යාව ජය හිමි­කර ගත්තේය.

කොළඹ ආර්. ‍ප්‍රේමදාස ක්‍රීඩාං­ග­ණයේ ඊයේ පැවැති අව­සන් තර­ග­යේදී කාසියේ වාසිය දිනා­ගත් ශ්‍රී ලංකා පිල පළ­මුව පන්දු­වට පහ­රදී ඕවර් 20කදී කඩුලු 9කට ලකුණු 128ක් ලබා­ගත් අතර ඔස්ට්‍රේ­ලි­යාව ඕවර් 17.5කදී කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 130ක් ලබා ජය තහ­වුරු කර ගත්තේය.

පුරා වසර 17ක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනු­වෙන් කැපවූ තිල­ක­රත්න ඩිල්ෂාන්ගේ ජාත්‍ය­න්තර ක්‍රිකට් දිවියේ අව­සන් ක්‍රිකට් තර­ගය මෙයවූ අතර ඔහුගේ ඓති­හා­සික අව­සන් ඉනිම ලකු­ණ­කට සීමා විය. පන්දු 3කට පම­ණක් මුහු­ණදී ඩිල්ෂාන් ක්‍රීඩා­ගා­ර­යට යද්දී සියලු ප්‍රේක්ෂ­ක­යන්ට ආචාර කළ අතර ප්‍රධාන ප්‍රේක්ෂ­කා­ගා­රය ඉදි­රි­පි­ටදී ක්‍රිකට් පිටි­යට දණ­න­ම­ස්කාර කිරීම සංවේදී දසු­නක් විය.

පළමු විස්සයි 20 තර­ග­යේදී මෙන්ම ආර­ම්භක පිති­කරු ග්ලේන් මැක්ස්වෙල් දැවැන්ත පහර එල්ල කර­මින් මුල සිටම ශ්‍රී ලංකා පන්දු යව­න්නන් මෙල්ල කිරී­මට සමත් වූ අතර තිසර පෙරේ­රාගේ පළමු ඕව­ර­යේදී හයේ පහ­රක් හා හතරේ පහර 4ක් එල්ල කර­මින් තම විස්සයි 20 තෙවැනි අර්ධ ශත­කය වාර්තා කළේය. ඔහු ශ්‍රී ලංකාව සමග පැවැති විස්සයි 20 තරග දෙකේ­දීම ලකුණු 211ක් වාර්තා කිරීම සැල­කිය යුතු දක්ෂ­තා­වකි. මැක්ස්වෙල් හා නායක වොනර් (ලකුණු 25) පළමු කඩු­ල්ලට ඕවර් 8.3ක් වෙද්දී ලකුණු 93ක සම්බ­න්ධ­තා­වක් ගොඩ­නැ­ගීම ඔස්ට්‍රේ­ලියා වට සැන­සි­ලි­දා­යක විය. ඔවුන් දෙදෙ­නාගේ දැවී­යෑ­මෙන් අන­තු­රුව පිටි­යට පිවිසි පිති­ක­රු­වන්ට ශ්‍රී ලංකා පන්දු යව­න්නන් පීඩ­න­යක් එල්ල කිරීම හේතු­වෙන් ජය­ග්‍ර­හ­ණය තර­මක් ප්‍රමාද වූ අතර ශ්‍රී ලංකා ලකුණු පුව­රුව 150ක් පමණ වූයේ නම් ඔස්ට්‍රේ­ලි­යා­වට සට­නක් දිය හැකිව තිබුණි. දඟ පන්දු­වෙන් දස්කම් දැක්වූ සචිත් පති­රණ හා ඩිල්ෂාන් කඩුලු දෙක බැගින්ද, සීකුගේ ප්‍රසන්න කඩු­ල්ලක් ද දවා ගැනී­මට සමත් වූහ.

අංක එක පිති­කරු ලෙස පිටි­යට පිවිස හුද­කලා සට­නක නිර­තවූ 25 හැවි­රිදි ධනං­ජය ද සිල්වා පන්දු 50කදී හතරේ පහර 5ක් සමග ලකුණු 62ක් ලබා නොග­න්නට ශ්‍රී ලංකා පිල බල­වත් අසීරු තත්ත්ව­ය­කට පත්ව­න්නට ඉඩ තිබුණි. ධනං­ජය විස්සයි 20 ජගත් තරග බිමේ පළමු අර්ධ ශත­කය වාර්තා කිරීම කැපී පෙනෙන සිදු­වී­මක් විය. හම්බ­න්තොට දෙබ­ර­වැව මධ්‍ය මහා විදු­හ­ලෙන් ක්‍රිකට් අත්පොත් තැබූ ධනං­ජය, කොළඹ මහ­නාම හා ගාල්ල රිච්මන්ඩ් විදු­හ­ලට ක්‍රීඩා කළ ක්‍රීඩ­ක­යෙකි. ඔහුට අම­ත­රව කුසල් ජනිත් ලකුණු 22ක් ලැබූ අතර අනෙක් කිසිදු පිති­ක­රු­වෙ­කුට ලකුණු 7සීමාව පසු කිරී­මට නොහැකි විය. ශ්‍රී ලංකා පිති­ක­රු­වන්ට හිස­ර­ද­යක්වූ ෆොල්ක්නර් හා සම්පා කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

චාමර කපු­ගෙ­ද­රගේ හා තිසර පෙරේ­රාගේ කඩුලු දෙකම පිට පිට පන්දු දෙක­කදී ලබා ගැනී­මට දඟ පන්දු යැවූ සම්පා සම­ත්වී­මත් ඩේවිඩ් වෝනර් ඩිල්ෂාන්ගේ උඩ­ප­න්දුව හා තවත් අසීරු උඩ පන්දු දෙකක් ලබා ගැනී­මත් ඔස්ට්‍රේ­ලි­යා­වට වාසි දායක සිදු­වීම් විය.

පළමු විස්සයි 20 තර­ග­යට ක්‍රීඩා කළ කසුන් රජිත වෙනු­වට සීකුගේ ප්‍රසන්න ඊයේ තර­ග­යට ඇතු­ළත්වූ අතර ඔස්ට්‍රේ­ලි­යානු පිලේ වෙන­ස්කම් දෙකක් සිදු­කර තිබුණි. මැතිව් වේඩ් වෙනු­වට ජෝජ් බේලී හා ජෝන් හෙස්ටීන් වෙනු­වට ස්කොට් බෝලන් ක්‍රීඩා කළහ.

Comments

comments

SHARE