ඩිල්ශාන් ගේ අවසන් ජාත්‍යන්තර ඉනිම

399
0

ඊයේ සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු ටී.එම්.ඩිල්ශාන් එක් ලකුණකට දැවී ගියේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිද්දෙන්.

හෙස්ටින්ගේ පන්දුවකට ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි ඩේවිඩ් වෝනර්ට උඩ පන්දුවක් ලබා දීමෙන් ඩිල්ශාන් දැවී ගියා.

ක්‍රීඩාංගනයෙන් පිටව යන අතරතුර ඩිල්ෂාන්ට ප්‍රේමදාස ක්‍රීඩාංගනයට රැස්වසිටි ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉහල ප්‍රතිචාරයක් හිමි වුනා.

ඩිල්ශාන් ප්‍රේමදාස පිටියෙන් නික්ම ගියේ සිය අවසන් ජාත්‍යන්තර ඉනිමට ඉඩ හසර වෙන්කරදුන් ප්‍රේමදාස පිටිය සිප ගැනීමෙන් අනතුරුවයි.

SHARE