ශ්‍රී ලංකා බී.එම්.එස්. අවසන් තරගයට

759
0

ජගත් විශ්ව විද්‍යාලයීය ලෝක කුසලාන T 20 තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකාවේ බී.එම්.එස්. කණ්ඩායම අද සමතු වුනා.

ඒ අවසන් පුර්ව තරගයේදී දකුණු අප්‍රිකාවේ ප්රෙටෝරියා විශ්ව විද්‍යාලීය කණ්ඩායම පරාජය කරමින්.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහරදීමේ අවස්තාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා දුන්නා.

ඔවුන් පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තා.

එවන් ජෝන්ස් ලකුණු 51යි.

පන්දු යැවීමේදී ෂෙහාන් ජයසුරිය කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා බී.එම්.එස්. කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 4ක් දැවී ලකුණු 181ක් ලබාගෙන මෙම තරගය ජය ගත්තා.

මනෝජ් සරත්චන්ද්‍ර හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 47ක් රැස් කළා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 31යි.

පන්දු 13කදී වාර්තාවුණු ඔහුගේ ඉනිමට  හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඇතුලත් වුනා.

ගේශාන් විමලධර්ම ලකුණු 32යි.

Comments

comments

SHARE