මම තාමත් කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් සමග කතා බහ කරන්නේ නෑ – ටී.එම්.ඩිල්ශාන්

13669
0

ටී.එම්.ඩිල්ශාන් ඊයේ දිනයේදී සිය සමුගැනීම ප්‍රකාශ කලේ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඔස්ට්‍රේලියාව සමග පැවති දෙවන T 20 තරගයෙන් අනතුරුවයි.

ඔහුගේ අවසන් එක්දින තරගයේදී මෙන්ම අවසන් ජාත්‍යන්තර තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීම කැපී පෙනුනා.

තමාගේ සමුගැනීමෙන් පසු හිස්වන ආරම්භක පිතිකරන ස්ථානයට සුදුස්සා කවුරුන්ද යන වග ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඩිල්ශාන් අනාවරණ කළා.

17 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ රසමුසු තැන් පිළිබදවද ඩිල්ශාන් මෙම මාධ්‍ය හමුවේදී පවසා සිටියේ සෑම තරගයක්ම තමාට අමතක නොවන තරගයක් බව පවසමින්.

ඩිල්ශාන් සිය සමුගැනීම සනිටුවන් කරමින් ප්‍රේමදාස ක්‍රීඩාංගනය වටා ගියේ රැස්ව සිටි අතිවිශාල ක්‍රීඩා ලෝලීන්ට සිය ආචාරය පුද කරමින්. එම අවස්ථාවේදී ඔවුන් නැගූ ඔල්වරසන් හඩින් මුළු ක්‍රීඩාංගනයම ගිගුම් දුන්නා.

17 වසරක් හිස දැරූ ශ්‍රී ලංකා හිස් වැසුම මින් ඉදිරියට හිස දැරීමේ නිල අයිතිය ඩිල්ෂාන්ට අහිමිව යනවා. ඒ සම්බන්ධයෙන් ඩිල්ශාන් පවසන්නේ වෙනස්ම කතාවක්.

ටී.එම්.දිල්ශාන් සැලකෙන්නේ ලොව බිහි වූ විශිෂ්ටතම පන්දු රකින්නෙක් ලෙසයි. ඒ සදහා තමන් කල කැපවීම පිලිබදවත් ඩිල්ශාන් මෙම මාධ්‍ය හමුවේදී පැවසුවා. නවක ක්‍රීඩකයින් ඒ සදහා තවත් මහන්සි වියයුතු බවයි ඩිල්ශාන් පවසන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීම ප්‍රකාශ කල දින පටන් තමන්ට වෙනත් රට වලින් ආරාධනා ලැබෙන බවයි ඩිල්ශාන් පවසන්නේ.

කෙසේ නමුත් එම ඉල්ලීම් වලට තමන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් ඔහු පවසනවා. අවම වශයෙන් වසරක්වත් නිදහසේ සිටීමට අවශ්‍ය බවයි ඩිල්ෂාන් මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ.

කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් සමග මොනතරම් ප්‍රශ්න තිබුනත් තමා කිසි විටකත් ක්‍රීඩා පිටිය තුල ඔවුන් සමග ගැටළු ඇතිකර නොගත් බව ඩිල්ශාන් පවසනවා. සමු ගැනීමෙන් පසු දේශපාලනයට එන්නේදැයි මාධ්‍යවේදීන් ඩිල්ශාන්ගෙන් විමසා සිටියා.

Comments

comments

SHARE