දකුණු ආසියාවට යන ශූරයින් තෝරන ජෝන් ටාබට්‌ මලල ක්‍රීඩා උළෙල හෙට

182
0

එළැඹෙන මස ඉන්දියාවේ පැවැත්වීමට යෙදී තිබෙන තුන්වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ තෝරා ගැනීමේ තරගාවලිය බවට පත්ව තිබෙන 86 වැනි ජෝන් ටාබට්‌ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය හෙට (13 දා) සිට 15 දා දක්‌වා දියගම මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා පාසල් 350 ක්‌ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,500 කට ආසන්න සංඛ්‍යාවක්‌ සහභාගී වීමට නියමිතය.

මෙම ජ්‍යෙෂ්ඨ තරගාවලියට සමගාමීව පැවැත්වෙන ජෝන් ටාබට්‌ කණිෂ්ඨ තරගාවලිය ඔක්‌තෝබර් මස 22,23,24 සහ 25 යන දිනයන්හිදී පැවැත්වෙන අතර එය ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනු ඇත.

එමෙන්ම තරගකරුවන්ගේ විශාල සහභාගීත්වයක්‌ ඇතිව පැවැත්වෙන කනිෂ්ඨ තරගාවලිය සඳහා පාසල් 600 ක්‌ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6000කට අධික සංඛ්‍යාවක්‌ සහභාගීවන බවට වාර්තාවේ.

ඔක්‌තෝම්බර් මස 19 සහ 20 යන දිනයන්හිදී පැවැත්වෙන අදාළ දකුණු අසියානු කනිෂ්ඨ තරගාවලිය සඳහා 1997 හා 1998 යන වර්ෂයන්හි උපන් 2016 දෙසැම්බර් මස 31 වැනිදාට වයස අවු. 20 ට අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමට අවස්‌ථාව උදාවනු ඇත

Comments

comments

SHARE