ආසියානු සත් සාමාජික රගර් ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් රැසක්

205
0

ආසියානු සත් සාමාජික රගර් තරගාමාලාවේ දෙවැනි අදියර ලෙස මේ මස අගදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් එක්වී සිටිති. ආබාධ හේතුවෙන් පසුගියදා හොංකොං නුවර පැවැති පළමු අදියරේ තරගාවලියට එක් නොවූ සුපිරි ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සත් සාමාජික පිලේ නිත්‍ය නායක සුදර්ශන මුතුතන්ත්‍රි ඇතුළු ක්‍රීඩකයන් රැසක් අද ආරම්භ වන පුහුණු සැසියට එක්වීමට නියමිතය.

අදියර තුනකින් සමන්විත මෙවර ආසියානු සත් සාමාජික රගර් තරගාවලියේ පළමු අදියර ලෙස හොංකොං හී පැවැති තරගාවලියේ දී පළමු වරට කුසලාන වටයේ අවසන් මහා තරගයට පිවිස අනුශූරතාව දිනා ඉතිහාසගත වූ ශ්‍රී ලංකා පිලේ සෙසු ක්‍රීඩකයන් ද අද පුහුණුව ආරම්භ කරති.

දිර්ඝ කාලයක් පුරා ආසියානු සත් සාමාජික රගර් තරග බිමේ දස්කම් පෑ සූරියබණ්ඩාර සහ නායක මුතුතන්ත්‍රී යළි කණ්ඩායමට එක්වීමෙන් දකුණු කොරියාවේදී පෙරළිකාර කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා පිලට වැඩි වාසියක් ලැබෙනු ඇත.

ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ දෙවැනි අදියර මේ මස 24 සහ 25 දෙදින දකුණු කොරියාවේ පැවැත්වෙන අතර තුන්වැනි හා අවසන් අදියර ලබන ඔක්තෝබර් මස 15 සහ 16 දෙදින කොළඹ දී පැවැත්වීමට නියමිතය.

පළමු අදියරේ තරගාවලියේ ශූරතාව දිනූ සත්කාරක හොංකොං පිල ප්‍රසාද ලකුණු 12ක් ලබා පළමු ස්ථානයේ පසවුන අතර අනුශුර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 10ක් ලබා දෙවැනි ස්ථානයේ රැඳී සිටී. ප්‍රසාද ලකුණු 8ක් ලැබූ දකුණු කොරියාව තුන්වැනි ස්ථානයට පත්ව සිටී.

Comments

comments

SHARE