පල්ලෙකැලේදී ක්‍රීඩා විවේකාගාරයේදී බඩු සොරා ගත්තේ කව්ද?

427
0

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති පළමු පන්දුවාර විස්ස තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැදී සිටි ක්‍රීඩක විවේකාගාරයේ සොරකමක් සිදුව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පරිගණක දත්ත උපදේශක කටයුතු කරන ඉන්දීය ජාතික ශ්‍රී රාම් නමැත්තාගේ වටිනා ගමන් මල්ල මෙලෙස සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

බෑගයේ තිබූ බඩු බාහිරාදිය තැන තැන විසි කොට වටිනා බෑගය සොරකම් කර ඇති බවයි ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග පවසන්නේ මෙම සොරකමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සේවා සැපයූ පුද්ගලයෙක් සම්බන්ධ බව තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂක ලෙස කටයුතු කරන්නේ දුලිප් සමරසේකරයි. ක්‍රීකට් ආයතනයේ මාස 6ක සඳහා තාක්ෂණික කටයුතුවල සේවය සදහා පැමිණි ශ්‍රී රාම් පරිගණක තොරතුරු දත්ත විශ්ලේෂක දුලිප් සමරසේකරගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළා. සොරකමෙන් පසු ඉන්දීය ජාතික ශ්‍රී රාම් දිවයිනෙන් නික්ම ගොස් තිබෙනවා.

Comments

comments

SHARE