102 උපාලිගෙන් 38 ට ප්‍රහාරයක්‌

1085
0

ලංකාව නියෝජනය කරමින් රියෝ  පැරාලිම්පික්‌ තරගාවලියේ රෝදපුටු ටෙනිස්‌ තරග සඳහා සහභාගී වී සිටින උපාලි රාජකරුණා තමන් සහභාගී වූ පළමු තරගයේදී ලොව අංක 38 ස්‌ථානයේ පසුවන ලී හාගෙල් තරග වට 2-1 කින් පරාජය කරන ලදී.

එම තරගයේ පළමු වටය ජය ලකුණු 6-2 ක්‌ වශයෙන් දකුණු කොරියානු ජාතික ලී හාගෙල් සතු වූ නමුත් දෙවැනි හා තෙවැනි වට වල ජය 7-6 ක්‌ හා 6-1 ක්‌ වශයෙන් ජය ගැනීමට රාජකරුණා සමත් වූවේය.

උපාලි රාජකරුණා ලොව ශ්‍රේණිගත කිරීම්වල 102 වැනි ස්‌ථානයේ පසුවේ.

Comments

comments

SHARE