ඇමරිකානු විවෘත ටෙනිස් පිරිමි කිරුල වවුරින්කාට

98
0

මේ වසරට අදාළ අවසන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය වූ ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගන්නට ස්ව්ට්සර්ලන්තයේ ස්ටැනිස්ලාස් වවුරින්කා සමත් වුනා.

ඒ අවසන් මහා තරගයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් තරග වට 3 – 1 ක් ලෙස පරාජය කරමින්.

වවුරින්කා මේ තරගයේ පළමු වටය ලකුණු 6 – 7 ක් ලෙස පරාජය වුනා.

කෙසේවෙතත් 2වන 3 වන සහ සිවු වන තරග වට පිලිවෙලින් ලකුණු 6 – 4 ක්, 7 – 5 ක් සහ 6 – 3 ක් ලෙස ජයගත් ඔහු ඉතිහාසයට එක් වුනේ 1970 වසරෙන් පසු ඇමරිකානු විවෘත ටෙනිස් කිරුලකට හිමිකම් කියූ වයස්ගතම ක්‍රීඩකයා ලෙසින්.

31 හැවිරිදි වවුරින්කා මීට පෙර 2014 වසරේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේත් 2015 වසරේ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේත් පිරිමි කේවල ශූරතා දිනා ගන්නට සමත් වුනා.

1970 වසරේදී ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවක් ජයගත් වයස්ගතම ක්‍රීඩකයා බවට පත් වූ 35 හැවිරිදි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කෙන් රෝස්වොල්ට හිමිවූ ත්‍යාග මුදල (ඇමරිකානු ඩොලර් 20,000) මෙන් 175 ගුණයක ත්‍යාග මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 50ක් පමණ) මෙම ජයග්‍රහණය වෙනුවෙන් වවුරින්කාට හිමිවුණා.

05 02 01 08 10

Comments

comments

SHARE