මහනුවර සිල්වෙස්ටර් බොක්සිං ක්‍රීඩකයෙකුට විනිසුරුවරයෙක් පහර දෙයි

4797
0

කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ  ක්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා පාසල් බොක්සිං තරගාවලියේ තරගයක් අතරතුර එහි විනිසුරුවරයකු බොක්සිං ක්‍රීඩකයෙකුට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

තරගය පැවැත්වුණේ මහනාම විද්‍යාලයේ ක්‍රීඩකයෙක් සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ක්‍රීඩකයෙක් අතරයි.

තරගය අතරතුර මෙම ක්‍රීඩකයින් දෙදෙනාම දැඩි අවවාදයන්ට ලක්ව ඇත්තේ ඔවුන් දෙදෙනාගේම නීති විරෝධී ක්‍රීඩා විලාශයන් හේතුවෙන්

කෙසේ වුවත් මහනුවර සිල්වෙස්ටර් ක්‍රීඩකයා තවදුරටත් නීති විරෝධී ක්‍රීඩා රටාවක නිරත වීම නිසා ඔහුව තරගයෙන් ඉවත් කරන්නට විනිසුරු පියවර ගෙන තිබෙනවා.

එම තීරනයට විරෝධය පලකරමින් සිල්වෙස්ටර් ක්‍රීඩකයා ප්‍රතිවාදී මහානාම ක්‍රීඩකයාට අතට අත නොදී බොක්සිං වලල්ලෙන් පිටතට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ක්‍රීඩකයින්ගේ විවේක කාමරය වෙත පැමිණ ඇති අදාළ තරගයේ විනිසුරුවරයා සිල්වෙස්ටර් ශිෂ්‍යයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහර දී තිබෙනවා.

එය සමතයකට පත් කර ඇත්තේ මහනුවර සිල්වෙස්ටර් විදුහල් බොක්සිං පුහුණුකරු විසින්.

අදාළ පහරදීමෙන් තුවාල ලැබූ පාසල් සිසුවා මේ වන විට කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලිසියට සහ කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කරන්නට සිල්වෙස්ටර් ක්‍රීඩා බලධාරීන් කටයුතු කලා.

මෙම පහර දීම වැලැක්වීම සඳහා මැදිහත් වූ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ බොක්සිං පුහුණුකරු විසින් අදාළ විනිසුරුවරයාගේ ක්‍රියාවට විරෝධය පළ කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් තරගාවලියේ විනිසුරුවරුන් විසින් ඔහුගේ පුහුණුකාර තනතුර තහනම් කිරීමට ද සාමූහික තීරණයක් ගෙන තිබෙනවා.

Comments

comments

SHARE