නිමාලී…

252
0

මේ වසරෙ වඩාත්ම කතාබහට ලක් වූ ක්‍රීඩිකාව නිමාලි ලියනාරච්චිය.ඒ නිසාම ඇය දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ජනාධිපති සම්මානයෙන් බුහුමන් ලැබුවාය.

පෑනටත් එය සැබෑ උවමනාවෙන් මෙහෙයවන්නාටත් අත පුරා ලැබෙන දේ අඩු වුණත් හිත පිරෙන්නට ලැබෙන දේ බොහෝය.නිමාලි යනු රටට සම්පතක්ය.ඒ සම්පත පාදා ගැනීමට මගේ පෑණට සහ උවමනාවට තිබුණු ශක්තිය නිසා ඇය පමණක් නොව රටටද කීර්තිය ගලා එද්දී මම බෙහෙවින් තෘප්තියට පත් වෙමි.

ඇය ගුවන් හමුදාවට බඳවා ගැනීමට එවකට එහි මලල ක්‍රීඩා අංශයේ සභාපතිත්වය දැරූ Deepal Munasinghe මා අමතද්දීම වූ පොරොන්දුවක කොටසක් වූයේ නිමාලි වෙනුවෙන් නිවසක් ඉදි කර දීමට ගුවන් හමුදාව මැදිහත් වන බවය. ඇය එම අවශ්‍යයතාවය සාධාරණය ප්‍රදානයක් කළ හැකි ගමන් මඟට පසුගිය වකවානුවේ පිවිසියාය.ඇය ගුවන් හමුදාවටත්, රටටත් වටිනා සම්පතක් වූ  ජයග්‍රහණ උල්පතක් පාදා දුන්නාය. ඒ වීරියට තිළින ලෙස ලැබුණු දේ ඇය යම් තරමක් තමන් මෙන්ම හැකියාවන් දුප්පත්කමත් සමඟ සැඟව යන්නට ඉඩඇති සූරියවැව ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ සාමාන්‍ය අවශ්‍යයතා වෙනුවෙන්ද වැය කරනු දැක මම බෙහෙවින් සතුටු වුණෙමි.

ඒ අතරම ඇය පළමු වැටුප ලබා ගත් දිනයේම මා අැමතූ විට කී පරිදිම සාමාන්‍ය පෙළ සඳහා උපකාරක පංතිවලට සහභාගි වී සාපෙළ ඉහළින් සමත් වූවාය.ඇයගේ හැකියාවට සරිලන ලෙස කෝප්‍රල් තනතුරට යන්නට ද ඒ උගත්කම හේතු වූවාට සැක නැත.

මේ සියල්ල අතරේ වරෙක මා අමතන ඇය කියන්නේ දියගම ක්‍රිඩාංගණය ආසන්නයෙන් ණයක් ලබාගෙන ඉඩමක් මිල දී ගත්.බවය.
මා බෙහෙවින් සතුටි විය. දැන් Deepal Munasinghe මට දැණුම් දෙන්නේ මචං අපි උඹට වුණ පොරොන්දුව ඉටු කරා. දැන් නිමාලි ගෙයි පදිංචි වෙන්නයි යන්නෙ. දියගම ඉඩමේ ගුවන් හමුදාව මැදිහත් වී තැනූ ලක්ෂ පනහකට ආසන්න නිවස නිමාලි වෙනුවෙන් පුද  දෙන්නට සූදානම්ය. බොහෝවිට මෙවර දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ පළමු මලල ක්‍රීඩා රන් පදක්කම දිනා දීමෙන් නොනැවතී මීටර් 400 සහය දීවීමේ තරඟයේදී ඉන්දීය ක්‍රීඩිකාවන් විශ්මයට පත් කරන සුළු ධාවනයකද යෙදුණ නිමාලි ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ එකම පදක්කම්ලාභිනිය ද වීම නිසා ඇයට නිවසක් ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දුන් පොරොන්දුව ඉස්සර කරන්නට ගුවන් හමුදාවට හැකි විය.

ඇය සියලු තීරණවලදී ක්‍රීඩාවට මුල් තැන දීම ක්‍රීඩාව අත හැර යන්නට උත්සාහ කරද්දී ඇය ක්‍රීඩා පිටියේ රඳවා ගන්නට මුල් වී කටයුතු කළ අයෙක් ලෙස මට සතුටට කරුණක්ය.ඒ නිසාම පුහුණු කටයුතු සහ වැඩි තරඟ ප්‍රමාණයක් කොළඹ කේන්ද්‍රීයව පැවතීම පදනම් කරගෙනඇය විසින් දියගම නිවස ඉදි කරන්නට යෙදුණාය.නමුත් ඇය වඩාත් කැමති සූරියවැව ගම්පියසේ රැඳෙන්නටය.එහි වැඩි පුහුණුව ලබන්නටය.මෙවැනි ක්‍රීඩිකාවන් ක්‍රීඩකයන් රැසක් සිටියදී හම්බන්තොටට ක්‍රිකට් ක්‍රීඩාංගණ ලැබුණු ආකාරයට නොව ඇයගේ ගමේ නිවස හෝ හොඳින් ඉදි කරන්නට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ සෙනෙහස ලැබෙනු ඇත.

මා කුලියක් නොගෙවා වැටී හිටින්නට බිත්ති හතරක් උස්සාගත්තේ ඊයේ පෙරේදාය. එය ද ගං වතුරට හසු වූ පසු ලෙඩරෝග ඉතිරි කරමින් සෙමින් සෙමින්ගොඩ නැඟෙන්නේය. මටම කියා නිවසක් නැතිව තිබියදි නිමාලි වැනි ජාතික සම්පත් රටට ජය ගෙන ආ විට මා පෑනෙන් කළ අරගල ඔවුන්ට හිසට සෙවණක් ලබා දෙමින් නිමා කළ අවස්ථා කිහිපයකි. ලවීමෙන් නොනැවති දිගින් දිගටම එම ලිවීම ජයග්‍රහණය කරවන්නට දැක් වූ උනන්දුව ඊට හේතුවය. මා එයින් ලද අසීමිත සතුට වචනවලින් හෝ මුදලින් හෝ මැනිය නොහැකිය.

මට නැතැයි ලී විට එය කැතයි කියනා බොහෝ අය මගේ ජීවිතේ මෙවැනි හැඩ වේ දැයි නොදන්නෝය. වරෙක රාත්‍රී 11 ට පමණ මා ඇමතූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමතිව සිටි සමයේ පෞද්ගලික ලේකම්වරයා වූ ජයසිංහ මහතා සහ මා අතර මෙවන් සංවාදයක් ඇති විය.

ඇමතිතුමා කිව්වා අර ළමයි දෙන්නගෙ ඉඩම් වැඩේ හරි කියලා කියන්න….
මම ස්තුතිය පුද කරමින් මේ රාත්‍රියේම එය පවසන්නට හේතුව විමසද්දී ලැබුණු පිළිතුර වූයේ, ඒක ඒ ළමයිට වඩා ඕන වෙලා තිබුණෙ ඒ ලියපු කෙනාටනෙ දැන්ම කියන්න.
ඒ ඉඩම් හිමි වූයේ ද සූරියවැව ක්‍රීඩිකාවන් දෙදෙනෙකුටය.

මේ ආකාරයට ඉඩම්, නිවෙස් සහ තවත් ක්‍රීඩක හිමිකම් වෙනුවෙන් මට කළ හැකි වූ දේ බොහෝය. ඒවා එකින් එක ලියන්නට අනවැසිය. දීපාල් මට මේ බව දැණුම් දී ඊළඟ මොහොතේ මා ඇමතුවේ Sisira Yapa ඔහු ඒ සියල්ල අසා සුපුරුදු පරිදි මරු යැයි කියා මරු කතා ටිකක් කීවේය.

එතකොට කෝ අර උඹලගෙ ගෙදර හිටිය ළමයා… මම හිතන්නෙ උඹල නොදන්නව වුණාට ඒ කාලෙ හිටියෙ දුමින්ද සිල්වා හිටපු කිට්ටුවනෙ.. ඒ ළමයට දුමින්ද සිල්ව හම්බ වෙන්න ඇති. එයාගෙන් ලෙඩේ බෝ වෙන්න ඇති. සිසිරගෙ කතාවේ අගක් මුලක් සොයා ගත නොහැකි වූ මම මොකද්ද බං ඒ කතාව යැයි ඇසීය.

අමතක වෙන එක….
දෙදෙනාම සිනාසුණි….

කුමක් වුව ද සිනා සී සිටිය හැකි කමක් මට ඇත. දුක නැත්තේ නැතත් ඒ මත්තේ
සියල්ල නැති කර ගැනීමට මා සූදානම් නැත. මට මාව මතකය. මගෙන් ඉටු  විය යුතුව ඇතැයි මට හැඟෙන දෙයක් ඇත. මා ඒ වෙනුවෙන් ලැබෙන දේ හෝ නොලැබෙන දේ සොයා කම්පාවන්නේ නැත.

නිමාලි උඹට සුබ පැතුම්!

උඹව හරියට මෙහෙයවන්නේනම් 2020 කුමන හෝ ඔලිමිපික් පදක්කමක් ඉදිරියෙ රටේ නම ලියවන්නට උඹට හැකි බව මම වගකීමෙන් ලියා තබමි.
ජයවේවා!

-නිස්මං රණසිංහ-

Comments

comments

SHARE