රියෝ පැරාලිම්පික් තරගාවලියේදී දිනේෂ්ගෙන් ශ්‍රී ලංකාවට පදක්කමක්

5190
0

මෙවර රියෝ පැරාලිම්පික් තරගාවලියේදී පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වුනා.

ඒ T 46 ඛාන්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්.

දිනේෂ් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ මීටර් 58.23ක දක්ෂතාවක් දක්වමින්.

මෙම දක්ෂතාව දිනේෂ්ගේ පෞද්ගලික හොදම දක්ෂතාවද වනවා.

F 46 ඛාණ්ඩය සැලකෙන්නේ එක් අතක් අහිමි හෝ  අබාධිත ඛාණ්ඩයටයි.

මෙම ඉසව්වේ  පදක්කම දිනා ගන්නට සමත්වුනේ ඉන්දියානු ක්‍රීඩකයායි.

ඔහු මීටර් 63.97ක දුරක් හෙල්ල විසි කරමින් නව ලෝක වාර්තාවක්ද බිහි කළා.

රිදී පදක්කම දිනා ගත්තේ මීටර් 59.93ක දුරක් හෙල්ල විසිකළ චීන ක්‍රීඩකයායි

1986 ඉපලෝගම කාගමදී උපත ලද දිනේෂ් ප්‍රියන්ත අධ්‍යාපනය ලැබුවේ කාගම ධාතුසේන මහා විද්‍යාලයෙන්.

30 හැවරදී දිනේෂ් මේ වනවිට විවාහක අතර ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්.

සාලියපුර ගජබා හමුදා කදවුරේ සේවය කරමින් සිටියදී අබාධයකට ලක්වන දිනේෂ් පසුව මලල ක්‍රීඩාවට යොමු වුනා.

ශ්‍රී ලංකාව පැරාලිම්පික් තරගාවලියකදී දිනු දෙවන පදක්කම මෙයයි.

මීට පෙර 2012 වසරේදී ප්‍රදීප් සංජය ලන්ඩන් පැරාලිම්පික් තරගාවලියේදී මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.

 

Comments

comments

SHARE