ඉක්මන් සමු ගැනීමට හේතුව “සනත්” – ඩිල්ශාන් පවසයි

20855
0

තමාට පසුගිය එංගලන්ත තරග සංචාරයෙන් ඉවත්වන ලෙස තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය බලකල බව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ටී.එම්.ඩිල්ශාන් පවසනවා.

පසුගියදා හිරු ටීවී සලකුණ වැඩසටහනට එක් වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

තමන් එංගලන්ත සංචාරයට එක්වීමට ඉතා කැමැත්තෙන් පසු වූ බවත් නමුත් තේරීම් කමිටු සභාපතිවරයා ඒ සදහා ඉඩ ලබා නොදුන් බවත් ඩිල්ශාන් මෙම වැඩසටහනේදී පැවසුවා.

නවකයෙකුට අවස්තාව ලබා දීම සදහා ඩිල්ශාන් එම සංචාරයෙන් ඉවත් විය යුතු බව සනත් එහිදී පවසා තිබෙනවා.

කෙසේ නමුත් එකල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ ඩිල්ශාන් පෞද්ගලික හේතුවක් මත මෙම සංචාරයෙන් ඉවත් වීමට තීරනය කර ඇති බවයි.

නමුත් ඩිල්ශාන් මෙම වැඩසටහනේදී පැවසුවේ තමන්ට එසේ කරන ලෙස ක්‍රිකට් බලදාරීන් දැන්වූ බවයි.

එම අවස්තාවේදී ඩිල්ශාන් ඊට එකග වී ඇත්තේ අර්බුදයක් නිර්මාණය වීම වලක්වා ගැනීම සදහායි.

තමා කිසි විටෙක සිය පෞද්ගලික ජීවිතය ක්‍රිකට් සමග පටලවා නොගත් බවත් පෞද්ගලික හේතු ඉදිරියට දමා රට නියෝජනය පැහැර නොහැරිය බවත් ඩිල්ශාන් පැවසුවා.

මෙවර ඔස්ට්‍රේලියානු තරගාවලියේදීද තමා එම පීඩනයට ලක් වූ බව ඩිල්ශාන් සලකුණ වැඩසටහනේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිලිතුරු ලබා දෙමින් පැවසුවා.

ගැටුමක් ඇති කර නොගෙන කලකිරීමට පෙර ක්‍රිකට් වලින් සමු ගැනීමට තමන් තීරනය කලේ එම නිසා බවයි ඩිල්ශාන් මෙම වැඩසටහනේදී වැඩිදුරටත් පැවසුවේ.

Comments

comments

SHARE