පසිදු සහ ගයාන් වලව හොල්ලයි

236
0

පසිඳු පීරිස් දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස වලව සුපර්ක්‍රොස් තරගාවලියේ කිරුළ දිනද්දී ගයාන් සඳරුවන් මේ වසරේ වාර්තා කළ ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කරමින් දක්ෂතම යතුරුපැදි ධාවකයාට හිමි සම්මාන දිනා ගත්තේය. මෙලෙස පසිඳු හා ගයාන් යුගලය දක්ෂතම රියදුරු හා ධාවකයා ලෙස සම්මාන දිනාගත්තේ වසර 3කට පසුවය.

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජීමේන්තුව ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සමඟ එක්ව සංවිධාන කළ වලව සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය පසුගියදා ඇඹිලිපිටිය සෙවනගල ‘ක්‍රාෆ්ට්මන් ඔටෝඩ්‍රොම්’ ධාවන පථයේ දී නිමා විය.

මෝටර් රථ තරග 11 ක් හා යතුරු පැදි තරග 14 ක් ඇතුළත් වූ වලව තරගාවලියේ දී එම්.එක්ස්. 175සී.සී./250සී.සි.(4ටී) හා 100සී.සී./125 සී.සී.(2ටී) ශූරතා ප්‍රථම තරගයෙන් දෙවැන්නා සහ දෙවැනි තරගයෙන් පළමු වැන්නා වෙමින්ද දිගු විරාමයක්නි පසු දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ ප්‍රවීණ යතුරුපැදි ධාවක ගයාන් සඳරුවන් දක්ෂතම යතුරුපැදි ධාවකයා වූ අතර එස්.එල්./ජී.ටී 3500 සී.සී. ශූරතා තරග ද්ත්වයෙන්ම පළමු වැන්නා වෙමින් පසිඳු පීරීස් දක්ෂතම මෝටර් රථ ධාවකයාට හිමි කිරුළට හිමිකම් කීය.

ඉෂන් දසනායක මේ වසර පුරා අඛණ්ඩව වාර්තා කළ ජයග්‍රහණ පරයායමින් ගයාන් සඳරුවන් වලව සුපර්ක්‍රොස් දක්ෂතම ධාවකයා වීම කාගේත් අවධානය යොමු වූ අතර පසුගිය වසරේ වලව විශිෂ්ටයා වූ ඉෂාන්ට කිසිදු තරගක් ජයගත නොහැකි විමද විශේෂ සිදුවීමකි.

ගයාන් සඳරුවන් දෙවැන්නා කරමින් ඉවෝන් බීයාජී ගුරුසිංහ පළමු වැනි ශූරතා යතුරු පැදි තරගයෙන් ජයගත් අතර සමීර ප්‍රේමරත්න තෙවැන්නා විය. බුද්ධික කසුන් සිල්වා සිවුවැන්නා වෙද්දී මේ වසරේ දී ගජබා, ගනර්, සීගිරිය, ෆෝක්ස්හීල් හා කැවැල්රී යන ප්‍රධාන මෝටර් ක්‍රොස් තරගාවලිවලින් ජයගත් ඉෂාන් දසනායකට හිමි වූයේ පස්වැනි ස්ථානයයි. එම ඉසව්වේ දෙවන තරගයෙන් ගයාන් ජයගත් අතර සමීර ප්‍රේමරත්නා දෙවැන්නාද මිතුන් ජයසංඛ සිගේරා තෙවැන්නාද වූහ. එම තර ඉසව්ව ආරම්භය හොඳින් ලබාගත් ඉවෝන් හා ඉෂාන් ඇතුළු තරගකරුවන් පළමු පිම්මේ දී එකිනේකා ගැටී සිවුදෙනෙක් දෙවැනි ඉසව්වේ පළමු වටයේ දී සිදුවූ අනතුරින් තරගයෙන් ඉවත් විය.

‘එම්’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 175සී.සී./250සී.සි.(4ටී)/100සී.සී./125සී.සී.(2ටී) පළමු තරගයෙන් ප්‍රථමයාද දෙවැනි තරගයෙන් දෙවැන්නාද ලෙස ඉවෝන් බියාජී ගුරුසිංහ පෑ දක්ෂතාවයන් අගනේය. එම ඉසව්වේ පළමු තරගයෙන් සනූක සඳරුවන් දෙවැන්නා වූ අතර දෙවැනි තරගයෙන් පළමු වැන්නා වූහ.

නිහාල් විජේරත්න සුපුරුදු ලෙස “එම්” කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී.ස්ට්‍රේල් ට්‍රේර්ල් 100 සී.සී./125 සී.සි.(2ටී) සන්නද්ධ සේවා තරගයෙන් ජයගත් අතර එම ඉසව්වේම විවෘත තරගයෙන්ද ජයගත්තේ නිහාල් විජේරත්නයි. නිහාල් විජේරත්න එම තරග දෙකට අමතරව “එම්.” කාණ්ඩයේ එස්.ටී.ඩී/එම්.ඕ.ඩී. එස්ට්‍රේල් ට්‍රේර්ල් 100 සී.සී./125සී.සී. (2ටී) හා 250 සී.සී. (4ටී) යන තරග ඉසව්වෙන්ද ජයගෙන පළමු ස්ථාන තුනකට හිමිකම් කීමට සමත් වුවත් එම්.එක්ස්. රේසිං 100සී.සී./125 සී.සී. (2ටී) සන්නද්ධ සේවා තරගයෙන් ජයහිමිවූයේ බුද්ධික කසුන් සිල්වාටයි.

ජේ කාණ්ඩයේ ‘එම්.එක්ස්.රේසිං’ 65සී.සී./85සී.සී.(2ටී) 13 පහළ තරගයෙන් ඩී.එම්.ඩී. කල්හාර පරයා යමින් කේෂර ගොඩගේ ජයගත් අතර එම ඉසව්වේම 16 න් පහළ තරගයෙන් කවිඳු කේවිටියාගල ජයගත්තේය. එම ඉසව්වෙන්ද ඩී.එම්.ඩී.කල්හාර දෙවැන්නා විය. “ජේ” කාණ්ඩයේම ‘එම්.එක්ස්’ 50 සී.සී. වයස අවුරුදු 10 න් පහළ තරගයෙන් ජය හිමි වූයේ අංජන වීරවර්ධනටයි.

‘එස්.එම්.’ සුපර් මෝටාඩ් 250සී.සී./750සී.සී.(4ටී)හා 125සී.සී./500 සී.සී.(2ටී) තරගයෙන් හා විවෘත යන තරග ඉසව් දෙකෙන්ම ඉමල් මංචනායක ජයගත් අතර පළමු තරගයෙන් දේශාන් සොලංකී දෙවැන්නාද විවෘත තරගයෙන් චමින්ද ද සිල්වා දෙවැන්නාද විය.

ඉවෝන් බීයාජී ගුරුසිංහ තරග ඉසව් හතරකින් දෙකක් ජයගත් අතර නිහාල් විජේරත්න තරග ඉසව් තුනකින් ද ඉමල් මංචනායක තරග ඉසව් දෙකක්ද ජයගනිමින් වලව තරගාවලියේ යතුරුපැදි තරග වර්ණවත් කිරීමට සමත් වූහ.

මෝටර් රථ තරගයන්ගෙන් දක්ෂතම රියදුරා ලෙස පසිඳු පීරීස් කිරුළ දරද්දී කූෂාන් පීරීස් තරග ඉසව් හතරකට සහාභාගී වී එයින් තරග ඉසව් තුනක් ජයගැනීම වලව තරගාවලියේ විශේෂ සිද්ධියකි. පසිඳු පීරීස් ජයගත් එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා දෙකෙන් පළමු තරගයෙන් මිස්සක නවීන් දෙවැන්නා වූ අතර දෙවැනි තරගයෙන් උෂාන් පෙරේරා දෙවැන්නා විය. උෂාන් පසුගිය තරගාවලි ගණනාවකදීම දක්ෂතම ධාවකයා ලෙස කිරුළ දැරූ ධාවකයායි. උෂාන් එස්.එල්./ජී.ටී. තරග ඉසව්වවේ පළමු තරගය සිව්වැන්නා ලෙස නිම කළේය. එම ඉසව්වේ දෙවැනි තරගයේ දී සිවුවැන්නා ලෙස තරගයට ප්‍රවිශ්ඨ වූ උෂාන් වේගයෙන් මෙතෙක් මේ වසර පුරාවට තමන් සතුව තිබූ ජය ටැඹ කරා හඹා ගියද ධාවන පථයේ දී සිදුවූ අනතුරක් නොවන්නට පසිඳුට විශාල අභියෝගයක් එල්ල කිරීමට උෂාන්ට හැකිව තිබුණි. නමුත් අවසානයේ දෙවන තරගයෙන් උෂාන්ට හිමිවූයේ දෙවන ස්ථානයයි.

1300 සී.සී.එස්.එල්./එන්. ෆෝඩ්ලේසර් මැස්ඩා තරගයෙන් හා 1500සී.සී. සී.සී.එස්.එල්./එන්. ෆෝඩ්ලේසර් මැස්ඩා තරගයෙන්ද ප්‍රවීණ මෝටර් රථ ධාවක උපුල්වන් අබිබවා යමින් කුෂාන් ජයගත් අතර තරග දෙකෙන්ම උපුල්වන් දෙවැන්නා විය. නමුත් උපුල්වන් කුෂාන්ට දෙවෙනි නොවී 1500 සී.සී. එස්.එල්./එන්. තරගය නිමා කළේ තප්පර 2 කටත් අඩු කාලයකිනි.

කුෂාන් 1500 සී.සි. එස්.එල්./සී. තරගයෙන්ද ජයගත්තේ ෂකීර් වහබ් දෙවැන්නා කරමිනි. එස්.එල්./එච්. 2200 සී.සී. සුබාරු ලෙගසි තරගයෙන් ටිරෝන් හෙන්දවිතාරන ජයගත් අතර එස්.එල්./එච්. 1618 සී.සී. තරගයෙන් ජයගත්තේ උපුල්වන් සේරසිංහයි.

ට්‍රක් හා ජීප් රථ ඩීසල් තරගයෙන් මංජුල විජේසිංහ ජයගත් අතර ඉෂාක් වහබ් එම ඉසව්වේම විවෘත තරගයෙන් ජයගත්තේය.

නිසාන් මාච් 1000 සී.සී. එස්.එල්./ඊ. තරගයෙන් චමින්ද පෙරේරා ජයගත් අතර මිනි 7 තරගයෙන් අජීත් කීර්ති අබිබවා ප්‍රවිණ මෝටර් රථ ධාවක කේ. පරමේෂ්වරම් ජයගත්තේය.

තරගාවලියේ තරග ඉසව් කිහිපයකට අවම සහභාගීත්වයක් වත් නොමැති වූ තරග ඉසව් තරගාවලියෙන් ඉවත් නොකොට එකිනෙකට සමාන නොවූ තරග ඉසව් දෙකක් එක් කොට තරග පැවැත්වීම කොපමන ප්‍රඥාගෙචරද කියා නැවත සිතා බැලිය යුතුය. මෙවර තරගාවලිය සාර්ථකව පැවැත්වුවද එස්.එල්./එස්.1500 සී.සී. විශේෂිත මෝටර් රථ තරගය හා 1618 සී.සී. එස්.එල්./එච්. තරග මෝටර් රථ තරග ඉසව්ව එක් තරගයක් ලෙස පැවැත්වීමත්, එමෙන්ම මිනි 7 තරගය හා 1050 සී.සී. එස්.එල්./ඒ. නවීකරණය කරන ලද තරග ඉසව්වද එක් තරග ඉසව්වක් ලෙස පැවැත්විමත් අනුමත කළ හැකිදැයි විමසා බැලිය යුතුය.

colruk_2804104357552_4828403_14092016_svg_cmy fb_img_1473907956125 fb_img_1473907962334 fb_img_1473907967308 fb_img_1473907972222 fb_img_1473907977601 fb_img_1473908097877

Comments

comments

SHARE