සිමන්ස් කොදෙව් ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් නෙරපයි

534
0

බ.ඉ.කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පිල් සිමන්ස් එම තනතුරින් ඉවත් කර තිබේ.

ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීම කොදෙව් ක්‍රිකට්පාලක මණ්ඩලය විසින් තහවුරු කර ඇති අතර, ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ  කණ්ඩායමේ සංස්කෘතියේ සිදුවී ඇති වෙනස්කම්  නිසා උපායමාර්ගික වෙනසක් සිදු කීරීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවයි.

සිමන්ස්ගේ පුහුණුකාරීත්වය යටතේ කොදෙව් කණ්ඩායම මේ වසරේ පැවැති පන්දුවාර විස්ස ලෝක කුසලානයේ ජයග්‍රහණය කරා රැගෙන යාමටද සමත් විය.

කෙසේ නමුත් සිමන්ස්ගේ අනුප්‍රාප්තිකයා මේ වන තෙක් කොදෙව්  ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම් කර නොමැත.

Comments

comments

SHARE