සර්වාන් ජගත් ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

1683
0

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රාම්නරේෂ් ජගත් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පවසනවා.

අද ගයානා හිදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා.

සර්වාන් අවසන් වරට කොදෙව් කණ්ඩායම නියෝජනය කලේ 2013 වසරේ චැම්පියන් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදීයි.

සමුගන්නා විට ඔහු තරග 286කදී කොදෙව් කණ්ඩායම නියෝජනය කර තිබුනා.

36 හැවිරිදි සර්වාන් පළමු වරට කොදෙව් කණ්ඩායම නියෝජනය කලේ 2000 වසරේදී පාකිස්තානය සමග බාබඩෝස් හිදී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී.

එම තරගයේදී ඔහු ලකුණු 84ක් සහ නොදැවී ලකුණු 11ක් රැස් කළා.

එතැන් පටන් සර්වාන් ටෙස්ට් තරග 87කදී කොදෙව් කණ්ඩායම නියෝජනය කළා.

එහිදී ලකුණු 5842ක් රැස් කරගෙන ඇති සර්වාන් ඊට ශතක 15ක්ද වාර්තාකලා.

ටෙස්ට් ඉනිමක ඔහු ලබාගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 291ක්

සර්වාන් අවසන් වරට ටෙස්ට් තරගයකදී කොදෙව් කණ්ඩායම නියෝජනය කලේ 2011 වසරේ ඉන්දියාවට එරෙහිවයි.

2000 වසරේදී එංගලන්තයට එරෙහිව ඔහු එක්දින වරම් දිනා ගත්තා.

සමුගන්නා විට සර්වාන් එක්දින තරග 181කට ක්‍රීඩා කර තිබුනා.

එහිදී ලකුණු 5804ක් රැස්කරගෙන තිබුණු අතර ඊට ශතක 5ක්ද ඇතුලත්ව තිබුනා.

සර්වාන් ටෙස්ට් තරග 4කට එක්දින තරග 5කට සහ T 20 තරග 2කට නායකත්වය ලබා දුන්නා.

 

Comments

comments

SHARE