මාරිස්ටෙලා සහ වලල, ජෝන් ටාබර්ට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශුරතා දිනයි

109
0

86 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට්‌ මලල ක්‍රීඩා තරගාවලියේ බාලක ශූරතාව ලකුණු 141ක් ලබාගත් මීගමුව මාරිස්‌ටෙලා විදුහලට හා බාලිකා ශූරතාව ලකුණු 228ක් ලබාගත් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයට හිමි වෙයි. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දින තුනක් පුරා පැවැති මෙම මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ නිමාව දුටු අතර නව ශ්‍රී ලංකා වාර්තාවක් හා නව තරග වාර්තා 12 ක්‌ බිහිවූ අතර තරග වාර්තාවක් සම විය.

මෙම ශූරතාවලියේ විශේෂත්වයක් වූයේ වසර 34කට පසුව උතුරු පළාතෙන් මලල ක්‍රීඩා ශ්‍රී ලංකා වාර්තාවක් බිහිවීමය. නව ශ්‍රී ලංකා වාර්තාව යාපනය තිලිප්පළෙයි මහජන විදුහලේ 19 හැවිරිදි ජෙගදීස්වරන් අනීතා රිටි පැනීම කාන්තා ඉසව්ව මීටර් 3.35ක දක්ෂතාවකින් පිහිටවූ අතර මෙයට පෙර යාපනයෙන් අවසන් වරට මලල ක්‍රීඩා ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබුණේ 1982දී චුන්ඩ්කුලම් බාලිකා විදුහලේ සෙල්වගවුරී වර්ධකුමාරී මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්වෙනි.

ඇය නවදිල්ලි ආසියානු ක්‍රීඩා උළෙලේදී එම දක්ෂතාව සටහන් කොට තිබිණී. අනීතා ඊයේ බිඳ හෙලන ලද්දේ මේ වසරේ පැවැති ජාතික කනිෂ්ඨ ශූරතාවලියේදී වලල ඒ රත්නායක විදුහලේ හර්ෂනී ධර්මරත්න මීටර් 3.34කින් පිහිටුවා තිබූ වාර්තාවය. හර්ෂනී ධර්මරත්න මෙවර මීටර් 3.05කින් දෙවැනි ස්ථානයට පත්වූ අතර තිලිප්පළෙයි මහජන විදුහලේ ඩී. දිලානී මීටර් 2.85කින් තෙවැනි ස්ථානයට පත් වූවාය. ශ්‍රී ලංකා වාර්තාව බිහිකළ යාපනයේ අනීතා විසින් මෙයට පෙර අනෝමා කරුණාවංශ මීටර් මීටර් 3.32කින් තබා තිබූ වාර්තාව වසර 2014දී සමකිරීමට ද සමත් වූවාය.

බාලක ශූරතා ප්‍රදානයේ දෙවැනි ස්ථානය ලකුණු 75ක් ලැබූ වලල ඒ රත්නායක විදුහල, තෙවැනි ස්ථානය ලකුණු 74ක් ලැබූ කොළඹ සාන්ත බෙනඩික්ට් විදුහල දිනා ගත්තේය.

බාලිකා දෙවැනි ස්ථානය ලකුණු 99ක් ලබාගත් අඹගමුව මධ්‍ය මහා විදුහල හා තෙවැනි ස්ථානය ලකුණු 79ක් ලබාගත් රත්නපුර සුමනා බාලිකා විදුහලට හිමි විය.

පිට පළාත් පාසල් බාලක මලල ක්‍රීඩා ශූරතාව ලකුණු 75ක් ලබාගත් වලල ඒ රත්නායක විදුහලට හිමිවූ අතර ලකුණු 44ක් ලබාගත් ත්‍රිත්ව විදුහල දෙවැනි ස්ථානය හා ලකුණු 40ක් ලැබූ තල්දෙක සාන්ත රීටා විදුහල තෙවැනි ස්ථානය දිනා ගත්තේය. පිට පළාත්  බාලිකා ශූරතාව ලකුනු 99ක් ලැබූ අඹගමුව මධ්‍ය මහා විදුහලට හිමවූ අතර ලකුණු 79ක් ලබාගත් රත්නපුර සුමන බාලිකා විදුහල දෙවැනි ස්ථානය හා ලකුණු 60ක් ලබාගත් ගම්පහ සිරිකුරුස විදුහල තෙවැනි ස්ථානයට පත්විය.

දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස 20න් පහළ උස පැනීම මීටර් 2 .17කින් නිමකළ මීගමුව මාරිස්ටෙලා විදුහලේ උෂාන් තිවංක සම්මාන දිනාගත් අතර දක්‌ෂතම ක්‍රීඩිකාව ලෙස 18න් පහළ කාන්තා තුම්පිම්ම ඉසව්ව මීටර් 12.21කින් නිමකළ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලලේ රිද්මා නිශාදී සම්මානයට පාත්‍ර වූවාය.

මෙම ශූරතාවලියේ නව තරග වාර්තා 12ක් බිහිවූ අතර තරග වාර්තාවක් සම විය.

නව තරග වාර්තා මෙසේය:

  • 18න් පහළ මීටර් 800 කාන්තා වලල ඒ රත්නායක විදුහලේ එම්. එස්. කුමාරසිංහ වි. 2:13.4
  • 18න් පහළ කාන්තා තුම් පිම්ම අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලලේ රිද්මා නිශාදී මීටර් 12.21
  • 18න් පහළ පිරිමි මීටර් 2000 බාධක දිවීම වලල රත්නායක විදුහලේ ඒ.කේ මධුසංඛ විනාඩි. 6:05.9
  • 18න් පහළ පිරිමි රිටි පැනීම යාපනය අරඅනෝදය විදුහලේ නැප්තෑලී ජේසන් මීටර් 4.56
  • 20න් පහළ කවපෙත්ත විසි කිරීම තල්දෙක සාන්ත රීටා විදුහලේ මලින්ද මධුසංඛ මීටර් 42.72
  • 18න් පහළ දුර පැනීම ගාල්ල රිච්මන්ඩ් විදුහලේ මලින්ද මධුසංඛ මීටර් 7.17
  • 20න් පහළ උස පැනීම මීගමුව මාරිස්ටෙලා විදුහලේ උෂාන් තිවංක මීටර් 2 .17
  • 16න් බාලිකා තුම්පිම්ම ගම්පහ සිරිකුරුස විදුහලේ ශානිකා ලක්ෂානී මීටර් 2.18
  • 16න් පහළ බාලක මීටර් 400 කොලඔ ලුම්බිණී විදුහලේ අදීෂ අංජන තත්පර 50.0
  • 18න් පහළ බාලිකා දුර පැනීම අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ රිද්මා නිශාදී මීටර් 6.02
  • 20න් පහළ බාලිකා රිටි පැනීම තිලිප්පළෙයි මහජන විදුහලේ ජේ. අනීතා මීටර් 3.35

වාර්තා සම කිරීම

  • මීටර් 100 X 4 සහය දිවීම මාතර රාහුල විදුහල තත්පර 42.5

Comments

comments

SHARE