සකීබ් අල් හසන් ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටෙයි

1307
0

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක සකීබ් අල් හසන් සහ ඔහුගේ බිරිද ගමන් ගත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනා බංග්ලාදේශයේ කොක්ස් බසාර් ප්‍රදේශයට ඇරලවා යලි ඩකා නුවර බලා  පැමිණෙමින් සිටියදීයි.

මෙම අනතුරුන් එක් අයෙක් මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සකිබ් සහ බිරිද කොක්ස් බසාර් ප්‍රදේශයට පැමිණ ඇත්තේ වෙළද දැන්වීමක රුගත කිරීමක් සදහා සහභාගිවීම සදහායි.

කෙසේ නමුත් සිද්ධිය සැලවීමෙන් පසු තමන් අතිශය කම්පනයට පත්වූ බවයි සකිබ් පවසන්නේ.

එමෙන්ම රුගත කිරීම් අතරමග නවතා දමා සකිබ් සහ ඔහුගේ බිරිද යලි ඩකා වෙත පැමිණ තිබෙනවා.

Comments

comments

SHARE