චන්දිමාල්ට මාසයක් ක්‍රිකට් බෑ….

7618
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ උප නායක දිනේශ් චන්දිමාල්ට මසක පමණ කාලයක් ක්‍රිකට් අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ දකුණු මහපටගිල්ල ආබාධයකට ලක්වීම නිසා.

වෙලදසේවා ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයක් අතරතුර චන්දිමාල් මෙසේ ආබාධයකට ලක්ව තිබෙනවා.

අනතුරුව ඊයේ පස්වරුවේම ඔහු ශල්‍යකර්මයකට ලක්කරන්නට වෛද්‍යවරුන් පියවර ගත්තා.

පැය 2කට ආසන්න කාලයක් එම ශල්‍යකර්මය සිදුකර ඇතිබව සදහන්.

චන්දිමාල්ගේ මහපටගිල්ල මෙසේ ආබාධයකට ලක්ව ඇත්තේ ඊයේ තරගයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු ලබාදුන් උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදීයි.

Comments

comments

SHARE