රියෝ හිදී පැරා ක්‍රීඩකයෙක් මරුට

230
0

බ්‍රසීලයේ රියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියේ තරගයක් අතරතුර පාපැදි ක්‍රීඩකයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ ඉරාන ජාතික ක්‍රීඩකයෙක්.

ඊයේ පැවති අතක් හෝ පාදයක් අහිමි පාපැදි තරගයේදී ඉරාන ජාතික බාමාන් ගොල්බන්ශාඩ් කදු සහිත පෙදෙසක තරග කරමින් සිටින විට මෙසේ අනතුරකට ලක්ව තිබෙනවා.

එම අනතුරින් ඔහුගේ බෙල්ලට සහ හිසට හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.

අනතුරින් පසු බාමාන් රෝහල් ගත කරන්නට සංවිධායකයින් පියවර ගත්තා.

රෝහල කරා රැගෙන යන අතරතුර ඔහු මියගොස් තිබෙන්නේ.

වෛද්‍යවරු පවසන්නේ අනතුරින් පසු ඇතිවූ හෘදයාබාධයක් මෙම මරණයට හේතුව බවයි.

පැරාලිම්පික් තරග ඉතිහාසයේ තරගයක් අතරතුර ක්‍රීඩකයෙක් මිය ගිය පළමු අවස්තාව මෙයයි.

මෙම සිදුවීම නිසා පැරාලිම්පික් ගම්මානයේ ඉරාන ධජය අඩකුඹු කර තබන්නට සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

01 02

Comments

comments

SHARE