ශ්‍රී ලංකාව ලෝක ආරක්ෂක සේවා වොලිබෝල් ලෝකඩ පදක්කමට සටන් වදී

135
0

35 වැනි වරටත් පැවැත්වෙන ලෝක ආරක්‌ෂක සේවා පිරිමි වොලිබෝල් ශූරතාවලියට පළමු වතාවට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම එහිදී ලෝකඩ පදක්‌කම සඳහා වන තරගයට සුදුසුකම් ලැබූ අතර ඉරානය හා දකුණු කොරියාව අවසන් මහ සටනට සුදුසුකම් ලබා සිටියේය.

පෙරේදා අවසන් සටනේ ස්‌ථානයක්‌ වෙන්කර ගැනීම වෙනුවෙන් පැවැති පළමු අවසන් පූර්ව වටයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම දකුණු කොරියා කණ්‌ඩායමට එරෙහිව තරග වැදුණු අතර එහිදීද ශ්‍රී ලංකා කණ්‌ඩායමට තරග වට 3-1 ක පරාජයකට මුහුණදීමට සිදුවිය.

කෙසේ නමුත් ‘බී’ කාණ්‌ඩයෙන් තරගාවලිය සඳහා අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්‌ඩායම පළමු වටයේ සහභාගී වූ තරගයෙන් මහජන චීන කණ්‌ඩායම 3-1 කින්ද, උතුරු කොරියාව 3-0 කින් හා ලෙබනනය 3-0 කින් පරාජය කරමින් එම කාණ්‌ඩයේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීය.

ඔවුන් පළමු වටයේදී තියුණු තරගයකින් අනතුරුව වෙනිසියුලාව හමුවේ තරග වට 3-2 කින් පරාජය වී තිබුණි.

ශ්‍රී ලංකා ආරක්‌ෂක සේවා වොලිබෝල් පිලේ නායකයා ලෙස නාවික හමුදාවේ මොරිස්‌ චාමින්ද කටයුතු කරන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස ගුවන් හමුදාවේ සමන් චන්ද්‍රනාත් මහතා සහ සහය පුහුණුකරු ලෙස ගුවන් හමුදාවේ ජගත් සේනාධීර මහතා කටයුතු කරනු ලබයි.

Comments

comments

SHARE