පළමු තරගයෙන් ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ට ජය

373
0

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමග අද පැවති පළමු එක්දින තරගය තියුණු සටනකින් පසු කඩුලු 4කින් ජය ගන්නට ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් සමත් වුනා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහර දුන්නා.

ඔවුන්ට පන්දුවාර 24යි පන්දු 5ක් තුල සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 76ක් පමණයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හය දෙනෙකුම ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත් කරන්නට ඔස්ට්‍රේලියා පන්දු යවන්නියන් පියවර ගත්තා.

ඉනෝකා රණවීර නොදැවී ලකුණු 32ක් රැස් කළා.

එෂානි කෞශ්‍යල්‍යා ලකුණු 14යි.

පන්දු යැවීමේදී හෝලි ෆර්ලින්ග් සහ ක්‍රිස්ටීන් බීම්ස් කඩුලු 3බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් පන්දුවාර 15යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 79ක් ලබාගෙන මෙම තරගය ජය ගත්තා.

මෙග් ලෙනින්ග් ලකුණු 27යි.

නිකොලේ බෝල්ටන් ලකුණු 19ක් රැස් කළා.

පන්දු යැවීමේදී ඉනෝකා රණවිර කඩුලු 3ක් බිද හෙලුවා.

SHARE