ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙවන තරගයත් පරදී

458
0
during the Women's ICC World Twenty20 India 2016 Group A match between Australia and New Zealand at the Vidarbha Cricket Association Stadium on March 21, 2016 in Nagpur, India.

සංචාරක ඔස්‌ට්‍රෙලියානු කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ (20 දා) පැවැති දෙවැනි එක්‌දින තරගයෙන් සත්කාරකයන් පරදවා ලකුණු 78 ක පහසු ජයක්‌ වාර්තා කිරීමට ඔස්‌ට්‍රෙලියානු  පිල සමත්විය.

ඔස්‌ට්‍රෙලියාව හමුවේ ලද අදාළ තරගාවලි පරාජයත් සමග ලබස වසරේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට පහසුවෙන් සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්‌ථාව මග හැරිණි. කෙසේ වෙතත් අදාළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා පිලට සුදුසුකම් ලැබීමට නම් ලබන ජනවාරි මාසදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී වැඩි දස්‌කම් දක්‌වමින් ඉදිරියට පැමිණීම අනිවාර්ය තත්ත්වයක්‌ බවට පත්ව තිබේ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්‌ටේ්‍රලියානු පිල නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 254 ක්‌ රැස්‌ කරන ලදුව ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිලට ලබාගත හැකි වූයේ පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 176 ක්‌ පමණි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ චමරි පොල්ගම්පොල හතරේ පහර 8 ක්‌ සමගින් පන්දු 136 කදී නොදැවී ලකුණු 68 ක්‌ ලබාගත්තාය. ඇයට අමතරව ලකුණ 20 සීමාව ඉක්‌මවා ගිය එකම ක්‍රීඩිකාව බවට පත්වූයේ ඒෂානි ලොකුසූරිය (20) පමණි. මෙම තරගයේදීද ශ්‍රී ලංකා පිතිකාරිණියන් තිදෙනෙකු ලකුණු නොලබා දැවී යැම විශේෂත්වයක්‌ විය.

ඔස්‌ටේ්‍රලියානු පිල වෙනුවෙන් ක්‍රිඩිකාවන් දෙදෙනෙකු අර්ධ ශතක රැස්‌ කිරීමට සමත්වූ අතර ආරම්භක පිතිකාරිණී නිකෝලි බෝල්ටන් 64 ක්‌ සහ අලෙක්‌ බ්ලැක්‌වෙල් 56 අර්ධ ශතක ලාභිණියන් බවට පත්වූහ.

පන්දු යෑවීමෙන් කැපී පෙනුණු චමරි අතපත්තු පන්දුවාර 10 කදී ලකුණු 31 ක්‌ පමණක්‌ ලබාදෙමින් ප්‍රතිවාදී පිලේ කඩුලු 3 ක්‌ දවා ගැනීමට සමත්වූවාය.

ලකුණු සාරාංශය

ඔස්‌ටේ්‍රලියාව පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 254 යි
(බෝල්ටන් 64, විලියනි 45, ලැනින් 29, පෙරී 17, බ්ලැක්‌වෙල්(නොදැවී) 56, ස්‌කට්‌ 18, ඔස්‌බෝර්න් 10, චමරි අතපත්තු 31/3, සුගන්ධිකා කුමාරි 54/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 176 යි
(චමරි පොල්ගම්පොළ (නොදැවී) 68, ඒෂානි ලොකුසූරිය 20, සුගන්ධිකා කුමාරි 10, ඉනෝෂි ප්‍රියදර්ශනී (නොදැවී) 12, බීම්ස්‌ 15/4, ෆර්ලින් 38/2, පෙරී 28/2)

Comments

comments

SHARE