අර්ජුනට එයා කරපු දේවල් දැන් මතක නෑ – දයාසිරි

524
0

ග්ලෙන් මැක්ස්වෙල් පාලනය කරන්නට පන්දු යවන්නන් යොදවා ගත් ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පසුගියදා  දැඩි ලෙස විවේචනය කළා.

අද එම විවේචනයන්ට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අපූරු පිළිතුරක් ලබා දුන්නා.

“වයිරක්කාරකමට ක්‍රීඩාවට බනින අයට අපිට කරන්න නැ.

ඒක ඒගොල්ලන්ගේ පැරදීම පිළිබද ප්‍රශ්නයක්.

ඉතින් එකයි කිව්වේ මන් දැක්කා බොර්ලස්ල චේන්ජ් කරපු එකගැනත් කතා කරලා තිබුන නේ.

මැච් එකේ බොර්ලස්ල චේන්ජ් කරපු එක ගැන.

දැන් එයාම ඉන්නකොට තමයි අෆ්රිඩි ගැහුවා 50ක් බෝල 17ට.

කව්ද කැප්ටන් ඕවර්ස් 3යි.හරිද බෝල 17ට ඕවර්ස් තුනටත් කලින් ගැහුවා.මාරු කෙරුවද?

මේ වගේම 1996 වල්ඩ් කප් එක දිනලා ආපුවම තිබුනා නවසිලන්ත සංචාරය ලංකාවේ.

ගාල්ල ක්‍රීඩාංගනයේ මේ විදියටමයි ගැහුවේ එක ෆාස්ට් බෝලර් කෙනයි අනිත් පස් දෙනාම ස්පිනර්සලා.

ෆස්ට් ඕවර් එක බෝල් කලේ ස්පිනර් කෙනෙක්.

මේ කුහක කමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බැනලා වැඩක් නෑ.

දැන් ක්‍රීඩකයෝ ශක්තිමත්ව හදාගෙන එනවා අපි මේ කාලේ.

ඒක ඒගොල්ලන්ට පොඩ්ඩක් ඉඩක් දෙන්න ඕන.

දිනනවා පරදිනවා නේද ?

එනිසා අෆ්රිඩි 100ක් ගැහුවෙත් ඔය නායකයාට විරුද්ධව 50ක් ගැහුවෙත් ඔය නායකයාට විරුද්ධව.

බොර්ලස්ල ඒ දවස්වල චේන්ජ් කරන්න බැරි උනාද එයාට.?

ඕවා කතා කරන්න ආපුවාම අපිටත් දේවල් තියෙනවා කියන්න.

එයාට මතක නැතිවෙලා තියෙන්නේ එයා කරපු දේවල් .”

Comments

comments

SHARE