ජගත් ටෙස්ට් කිරුල පාකිස්තානට

537
0

ලොව අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමට බවට පත්වූ පාකිස්‌තානු කණ්‌ඩායමට එය සංඛේතවත් කිරීම නිමිත්තෙන් ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය විසින් ලබාදෙනු ලබන ‘සෙංකෝලය’ පිරිනැමීම ඊයේ පාකිස්‌තානයේ ගාඩාෆි ක්‍රීඩාංගණයේදී සිදුකෙරිණ.

2003 වසරේදී රටවල් ශ්‍රේණිගත කිරීම ලෝකයට හඳුන්වා දීමත් සමග මෙම සාම්ප්‍රදායික වශයෙන් අංක 1 ට පත් ටෙස්‌ට්‌ කණ්‌ඩායමට ‘සෙංකෝලය’ පිරිනැමීම සිදුකරන ලබයි. ඒ අනුව ඊයේ ලොව අංක 1 ටෙස්‌ට්‌ කණ්‌ඩායමට බවට ඉකුත්දා පත්වූ පාකිස්‌තානු පිලට හිමි එම ‘සෙංකෝලය’ ජගත් ක්‍රිකට්‌ කවුන්සිල ප්‍රධාන විධායක ඩේවිඩ් රිචර්ඩ්සන් මහතා අතින් පාකිස්‌තානු ක්‍රිකට්‌ නායක මිස්‌බා උල් හක්‌ වෙත ඊයේ භාර දීම සිදුකෙරිණ.

ඒ අනුව ටෙස්‌ට්‌ කණ්‌ඩායම් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්‌ථානයට පැමිණෙමින් සෙංකෝලය හිමිකරගත් ලොව 5 වැනි රට බවට පාකිස්‌තානු පිල පත්විය. පාකිස්‌තානයට ප්‍රථම ඔස්‌ටේ්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව එයට හිමිකම් කීය.

එමෙන්ම එම සෙංකෝලය ලබාගත් ලොව 09 වැනි නායකයා වශයෙන් පාකිස්‌තානු නායක මිස්‌බා උල්හක්‌ ඊයේ ඉතිහාස ගත විය. මිස්‌බාට ප්‍රථම, ස්‌ටීව් වෝ, රිකී පොන්ටින්, මයිකල් ක්‌ලාක්‌, ස්‌ටීව් ස්‌මිත්, මහේන්ද්‍ර සිං දෝනි, ඇන්ඩෘ ස්‌ට්‍රොaස්‌, ග්‍රැහැම් ස්‌මිත් සහ හෂීම් අම්ලා එම සෙංකෝලය හිමිකරගත් සෙසු නායකයෝ වෙති.

Comments

comments

SHARE