ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහබාගි වන 500 වන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වුනා.
ඒ ඉන්දියාවේ කාන්පුර් හිදී.
නවසීලන්තය සමග පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුව පන්දුවට පහර දුන්නා.
ඔවුන් අද පළමු දිනයට තරගය නතරකරනවිට කඩුලු 9ක් දැවී ලකුණු 291ක් ලබාගෙන සිටියා.
මුරලි විජේ ලකුණු 65යි.
චේතේශ්වර් පුජාරා ලකුණු 62ක් ලබා ගත්තා.
ඉන්දීය මැදපෙළ සවිමත් කල රෝහිත් ෂර්මා ලකුණු 35ක් රැස්කළා
රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 40කින් සිය කණ්ඩායමට දායකත්වය ලබා දුන්නා.
පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් සහ මිචෙල් සැන්ට්නර් කඩුලු 3බැගින් දවාගත්තා.