එස්.එස්.සී. බැඩ්මින්ටන් 30 වනදා සිට

85
0
LONDON, ENGLAND - JULY 30: Niluka Karunaratne of Sri Lanka hits a return during his Men's Singles Group Badminton match on Day 3 of the London 2012 Olympic Games at Wembley Arena on July 30, 2012 in London, England. (Photo by Michael Regan/Getty Images)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්‍ෂණය යටතේ සිංහල ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලබන එස්.එස්.සී. විවෘත ශේ‍ර්ණිගත කිරීමේ බැඩ්මින්ටන් තරගාවලිය සැප්. 30 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා එස්.එස්.සී. හා වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

9 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ත්‍යාග වශයෙන් ලක්‍ෂ 5ක මුදල් ප්‍රමාණයක් පිරිනැමීමට නියමිතව ඇති අතර, විවෘත පිරිමි හා කාන්තා තරගාවලියට අමතරව වයස් කාණ්ඩ 5ක් යටතේ තරග පැවැත්වේ.

අවුරුදු 11න්, 13න්, 15න්, 17න් හා 19න් යන වයස් කාණ්ඩ යටතේ ක්‍රියාත්මක වන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ නම් දැරූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සහභාගිවීමට නියමිතව ඇත.

ඒ අනුව මෙම තරගාවලිය විවෘත පිරිමි අංශය නොකඩවා අවස්ථා 3කදී ජයගෙන ඇති නිලුක කරුණාරත්නට අමතරව දිනුක කරුණාරත්න, සචින් ඩයස්, බුවනෙක ගුණතිලක සහභාගි වන අතර කාන්තා අංශයේදී මේ දක්වා මෙම තරගාවලිය නොකඩවා අවස්ථා 3ක් ජයගෙන තිබෙන තිළිණි ප්‍රමෝදිකාට අමතරව අචිනි රත්නසිරි හා කවිඳි ඉෂාදිකා යන ක්‍රීඩිකාවන්ද එක් වීමට නියමිතව ඇති බවද පැවැසේ.

Comments

comments

SHARE