තෝමසුවන් හෙට කොලඹදී ගැටෙයි

107
0

මාතලේ සාන්ත තෝමස් විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන තෝමසුවන්ගේ මහා හොකී තරගය දෙවැනි වරටත් හෙට (24) පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේ කෘත්‍රිම හොකී ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදි අවුරුදු 19න් පහළ සහ 15න් පහළ වයස් සීමා යටතේ තරග දෙකක් පැවැත්වීමට නියමිතය. 19න් පහළ තරගය එරික් හුලංගමුව අභියෝගතා කුසලානය සඳහාද, 15න් පහළ තරගය ගල්කිස්ස ආදි තෝමසු හොකී සංගම් අභියෝගතා කුසලානය සඳහාද පැවැත්වේ. 19 පහළ තරගයේ වීරයා වෙනුවෙන් ඉන්ද්‍රවංශ හේරත් අභියෝගතා ශූරතා කුසලානයද, 15න් පහළ තරගයේ වීරයා වෙනුවෙන් ගල්කිස්ස හොකී සංගම් අභියෝගතා කුසලානයද ප්‍රදානය කෙරේ.

පසුගිය වසරේ මුල්වරට 19න් පහළ තෝමසුවන්ගේ මහා හොකී තරගයේදී ගෝල 2-0 ක ජයක් වාර්තා කිරීමට මාතලේ සාන්ත තෝමස් විදුහල සමත්විය. දෙවිදුහල් ආදි හොකී සංගම් විසින් සංවිධාන කරන මේ තරගාවලිය නේෂන් ට්‍රස්ට් බැංකුවේ අනුග්‍රහයෙන් පැවැත්වේ. මේ අවස්ථාවට එක්වන ලෙස මාතලේ සාන්ත තෝමස් විදුහල් ආදි හොකි සංගමයේ ලේකම් එරික් හුලංගමුව මහතා දෙවිදුහල් ආදි හොකි ක්‍රීඩකයන් සැමගෙන් ඉල්ලා සිටි.

Comments

comments

SHARE