මගේ සමුගැනීමට හේතුව ඇන්ජෙලෝ මැතිව්ස් – දිල්හාර ලොකුහෙට්ටිගේ

20088
0

ක්‍රිකට් තරග බිමෙන් සමු ගැනීමට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ක්‍රියා කලාපය බව තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පවසනවා.

සිය සමුගැනීම ප්‍රකාශ කිරීම සදහා කොලඹ මුවර්ස් ක්‍රීඩා සමාජයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවා.

දේශීය තරග පිටියේ නිරන්තර දස්කම් දැක්වූ ලොකුහෙට්ටිගේට ඒ නිසාම අවස්තා කිහිපයකදීම ස්‍රානේන් ලංකා සංචිතයට කැදවීම් ලැබුනා.

නමුත් ක්‍රීඩා කරන්නට ඔහුට අවස්තාව ලැබුනේ නැහැ.

එසේ වුනේ ඇන්ජෙලෝ මැතිව්ස් තමාට අවස්තාව ලබා නොදුන් නිසා බවයි ලොකුහෙට්ටිගේ පවසන්නේ.

2013 වසරේදී තමාව කොදෙව් සංචාරයට එක්කර ගත්තත් එම තරගාවලියේදීද සිදුවුනේ වැඩි වශයෙන් තරග නරඹන්නෙක් ලෙස කටයුතු කිරීමට බව අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවා.

තමාට මෙසේ සලකන්නෙ ඇයිදැයි එවක තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් විමසු විට ඔහු ලබා දුන් පිලිතුරෙන් පැහැදිලි වුනේ මැතිව්ස් මේ සෑම තීරණයක් පසු පසම සිටිනා බවයි ලොකුහෙට්ටිගේ පවසන්නේ.

තමාට එසේ වුවත් අනෙකුත් තුන් ඉරියව් ක්‍රීඩකයින්ට මැතිව්ස් යටතේ ක්‍රීඩා කිරීම බාධාවක් වී නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

එබැවින් මැතිව්ස්ගේ නායකත්වය යටතේ තමාට අනාගතයක් නොමැති බව වටහාගත් නිසා සිය සමුගැනීම ඉක්මන් කල බව දිල්හාර ලොකුහෙට්ටිගේ පවසනවා.

ඒ අනුවයි ඔහු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සහ දේශීය තරග බිමෙන් සමු ගැනීමට තීරණය කර ඇත්තේ.

Comments

comments

SHARE