ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක්

63
0
File Image

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර අද දකුණු කොරියාවේදී ආරම්භ වුනා.

ශ්‍රී ලංකාව අද සිය පලමු තරගයට සහභාගී වුනේ සිංගප්පූරුව සමගින්.

එම තරගය පහසුවෙන් ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

තරගය ආරම්භයේ පටන්ම ඔවුන් සිංගප්පූරුවට ප්‍රභල ප්‍රහාරයක් එල්ල කලා.

පලමු අර්ධය අවසන් වුනේ ලකුණු 12-00ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගනිමින්.

දෙවන අර්ධයේදීද සිංගප්පූරුවට හිස ඔසවන්නට ශ්‍රී ලංකාව ඉඩ ලබා දුන්නේ නැහැ.

එම අර්ධයේදී ඔවුන් තවත් ලකුණු 15ක් වාර්තා කලා.

දෙවන අර්ධයේදී සිංගප්පූරුව ලබා ගත්තේ ලකුණු 5ක් පමනයි.

ඒ අනුව මෙම තරගය ලකුණු 29-05ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

දකුණු කොරියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී B කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලග අභියෝගය වන්නේ මැලේසියානු කණ්ඩායමයි.

Comments

comments

SHARE