පළමු T 20 තරගයෙන් පාකිස්තානයට ජය

109
0
DUBAI, UNITED ARAB EMIRATES - SEPTEMBER 23: Sharjeel Khan of Pakistan bats during the first T20 International match between Pakistan and West Indies at Dubai International Cricket Ground on September 23, 2016 in Dubai, United Arab Emirates. (Photo by Francois Nel/Getty Images)

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවති පළමු T 20 තරගයෙන් කඩුලු 9ක ජයක් ලබන්නට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම වුනා.

මෙම තරගය පැවැත්වුනේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

 

තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමේ අවස්තාව කොදෙව්වන්ට ලබා දුන්නා.

ඔවුන් පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 115ක් ලබා ගත්තා.

ඩ්වයින් බ්‍රාවෝ ලකුණු 55ක් රැස්කළා

ඒ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින්.

ජෙරොම් ටේලර් ලකුණු 21යි.

අනෙක් කිසිදු කොදෙව් පිතිකරුවෙකුට ලකුණු 10සීමාව පසුකරන්නට හැකිවුණේ නැහැ.

පන්දු යැවීමේදී ඉමාඩ් වසීම් ලකුණු 14කට කඩුලු 5ක් බිද හෙලුවා.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල පාකිස්තානය පන්දුවාර14යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 116ක් ලබාගෙන මෙම තරගය ජය ගත්තා.

බාබර් අසාම් නොදැවී ලකුණු 55යි.

පන්දු 37කින් වාර්තාවුණු ඔහුගේ  හතරේ පහර 6ක් සහ හයේ පහරක් ඇතුලත් වුනා.

කලිඩ් ලතිෆ් නොදැවී ලකුණු 34යි

 

ඉමාඩ් වසීම් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවා.

Comments

comments

SHARE