තුන්වන තරගයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාදයි

94
0
MUMBAI, INDIA - FEBRUARY 08: Holly Ferling of Australia celebrates a wicket during the super six match between England and Australia held at the CCI (Cricket Club of India) on February 8, 2013 in Mumbai, India. (Photo by Pal Pillai/Getty Images)

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගය කඩුලු 9කින් ජය ගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුනා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානුවන් පළමුව පන්දුවට පහරදීමේ අවස්තාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 36යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 102ක් ලබා ගත්තා.

ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 31ක් සහ නිපුනි හංසිකා ලකුණු 23ක් රැස් කළා.

ඊට අමතරව චමරි අතපත්තු ලකුණු 15යි.

අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු දහයේ සීමාව ඉක්මවා යන්නට හැකිවුණේ නැහැ.

පන්දු යැවීමේදී ජෙස් ජොන්සන් කඩුලු 3ක් දවා ගත්තා.

ඊට අමතරව හොලී ෆර්ලින්ග් සහ ක්‍රිස්ටීන් බීම්ස් කඩුලු  දෙක බැගින් බිද හෙලුවා.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඔස්ට්‍රේලියාව පන්දුවාර27යි පන්දු 3ක් අවසානයේ එක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 104ක් ලබාගෙන මෙම තරගය ජය ගත්තා.

එලයිස් විලානි නොදැවී ලකුණු 48යි.

නිකොලේ බෝල්ටන් ලකුණු 35යි.

 

මේ අනුව තරග 4කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග ක් ලෙස ජය ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත්වුනා.

Comments

comments

SHARE