ශ්‍රී ලංකාව අවසන් තරගයට

143
0
දකුණු කොරියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුනා.
ඒ අද පැවති පළමු අවසන් පුර්ව තරගයේදී සත්කාරක දකුණු කොරියාව පරාජය කරමින්.
තරගය ආරම්භයේ පටන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිසියම් සැලසුමකට අනුව ක්‍රීඩා කරනු දක්නට ලැබුනා.
එහි අවසන් ප්‍රතිපලය වුනේ ලකුණු 26 – 10ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ජය හිමි වීමයි.
ගෝල දිනුම් 3ක් සහ උත්සාහක දිනුමක් මගින් ජයග්‍රාහි ශ්‍රී ලංකා කණ්ඩායම සිය ලකුණු 26 රැස්  කළා.
අවසන් තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ හොංකොං කණ්ඩායමයි.
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ අවසන් තරගය පැවැත්වුනේද ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතරයි.
එහිදී අනු ශුරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා

Comments

comments

SHARE