ලෝක ශුරයින් පාකිස්තානය හමුවේ දණ ගසයි

52
0
DUBAI, UNITED ARAB EMIRATES - SEPTEMBER 24: Sohail Tanvir of Pakistan celebrates wirh teammates after dismissing Evin Lewis of West Indies during the second T20 International match between Pakistan and West Indies at Dubai International Cricket Stadium on September 24, 2016 in Dubai, United Arab Emirates. (Photo by Francois Nel/Getty Images)
ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරග තුනකින්  සමන්විත T 20තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී  තරග 2 – 0ක් ලෙස ජය ගන්නට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුනා.
ඒ දෙරට අතර දෙවන T 20 තරගය ලකුණු 16කින් ජය ගනිමින්.
දුබෛ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු කොදෙව්වන් පළමුව පන්දුවට පහරදීමේ අවස්තාව පාකිස්තානයට ලබා දුන්නා.
පාකිස්තානය නියමිත පන්දුවාර 20තුල කඩුලු 4ක් දැවී ලකුණු 160ක් රැස්කළා
ෂෆ්රාස් අහමඩ් නොදැවී ලකුණු 46යි.
කලීඩ් ලතීෆ් ලකුණු 40ක් ලබා ගත්තා.
ඊට අමතරව ෂොයිබ් මලික් ලකුණු 37කින් පාකිස්තානු ඉනිම සවිමත් කළා.
පන්දු යැවීමේදී සැමුවෙල් බද්රී , ඩ්වයින් බ්‍රාවෝ සහ කාලෝස් බ්‍රාත්වයිට් එක කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20තුල කඩුලු 9ක් දැවී ලකුණු 144ක් රස්කලා.
අන්ද්‍රේ ෆ්ලෙචර් ලකුණු 29යි.
සුනිල් නරේන් ලකුණු 30ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී සොහේල් තන්වීර් සහ හසන් අලී කඩුලු 3බැගින් දවා ගත්තා.
තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ සෆ්රාස් අහමඩ්

Comments

comments

SHARE