ශ්‍රී ලංකාවට අනුශුරතාව

95
0
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ අනු ශුරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.
දෙවන අදියර පැවැත්වුනේ දකුණු කොරියාවේදී.
දකුණු කොරියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරගය පැවැත්වුනේ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතරයි.
තරගය ආරම්භයේ පටන්ම හොංකොං කණ්ඩායම ප්‍රවේගකාරී තරග රටාවක නිරත වුනා.
ඔවුන්ගේ වේගය හමුවේ අසරණ වුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තරගය පුරා එකදු ලකුණක් හෝ ලබා ගැනීමට හැකිවුණේ නැහැ.
ඒ අනුව හොංකොං කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 36 – 00ක් ලෙසින්.
ජයග්‍රාහී හොංකොං කණ්ඩායම සිය ලකුණු 36 වාර්තාකලේ ගෝල දිනුම් 3ක් සහ උත්සාහක දිනුම් 3ක් මගින්.
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශුරතාව දිනා ගත්තේද හොංකොං කණ්ඩායමයි.
එම පළමු අදියරේදීද අනු ශුරතාවෙන් සෑහීමකට පත්වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

Comments

comments

SHARE