වාස්ට එරෙහිව මාලිංගගෙන් කුමන්ත්‍රණයක්

1621
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස චමින්ද වාස් පත්කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා කටයුතු කලා.

ඒ අනුව ඔහු සිය රාජකාරි කටයුතු ආරම්භකරන්නට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කලේ ශ්‍රී ලංකා A ක්‍රිකට් කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස වාස් පත්කර ඇති බවයි.

කෙසේ වුවත් චමින්ද වාස් ජාතික කණ්ඩායමේ ද වේගපන්දු බලඇණියේ උපදේශක ලෙස කටයුතු කරනු ඇති.

වාස්ගේ මෙම නව පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම අප්‍රසාදය පලකර තිබෙනවා.

ඒ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ලසිත් මාලිංග බව සදහන්.

මාලිංග මීට පෙරද චමින්ද වාස් සමගින් මත ගැටුම් ඇති කර ගත් ක්‍රීඩකයෙක්.

මීට පෙර වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන සමයේදීද මාලිංග වාස්ගේ උපදෙස් පිලිගෙන තිබුනේ නැහැ.

ඒ අනුව මාලිංග සිය හිතවත් වේග පන්දු යවන්නන් සමග වාස්ට එරෙහිව යලි කුමන්ත්‍රණයක් අරබා ඇති බව සදහන්.

Comments

comments

SHARE