දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයක්

386
0
during Match 4 of the Ballr Cup Tri-Nation Series between Australia and South Africa at Warner Park, Basseterre on Saturday June 11, 2016. Photo by WICB Media/Randy Brooks of Brooks Latouche Photography

අයර්ලන්තය සමග පැවති පළමු තරගය ලකුණු 206කින් ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුනා.

බෙනෝනි හිදී පැවති  මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ අයර්ලන්තය.

ඔවුන් පළමුව පන්දුවට පහර දීමේ අවස්තාව දකුණු අප්‍රිකාවට ලබා දුන්නා.

දකුණු අප්‍රිකානු ඉනිම ඇරඹු ක්වින්ටන් ඩී කොක් සහ ටෙම්බා බවුමා පළමු කඩුල්ලට ලකුණු 159ක් එක කළා.

ඩී කොක් ලකුණු 82යි.

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කල බවුමා අගනා ලකුණු 113ක් ලබා ගත්තා.

ජේ.පී.ඩුමිනි පන්දු 43කදී වේගවත් ලකුණු 52ක් රැස්කළා.

ඊට අමතරව ෆර්හාන් බෙහර්ඩින් පන්දු 22කට මුහුණ දෙමින් ලකුණු 50ක් වාර්තා කලේ හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින්.

දකුණු අප්‍රිකාව පන්දුවාර 50තුල කඩුලු 5ක් දැවී ලකුණු 354ක් රැස්කළා

පන්දු යැවීමේදී ක්‍රෙග් යංග් කඩුලු 3ක් සහ කෙවින් ඕබ්‍රයන් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්රෙදා කල අයර්ලන්ත ඉනිම පන්දුවාර 30යි පන්දු 5ක් තුල ලකුණු 148කට සිමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් කටයුතු කළා.

කෙවින් ඕබ්‍රයන් ලකුණු 41ක් සහ පෝල් ස්ටර්ලින්ග් ලකුණු 40ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ජේ.පී.ඩුමිනි ලකුණු 16කට කඩුලු 4ක් දවා ගත්තා.

තරගයේ වීරයා ටෙම්බා බවුමා.

Comments

comments

SHARE